පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1909/2024
ගරු තිස්ස අත්තනායක මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රත්මලාන ඩිපෝව මඟින් මෙහෙයුම් කටයුතු සිදු කරනු ලැබූ ගල්කිස්ස ප්‍රධාන බස් නැවතුම්පළ, එම ස්ථානයෙන් ඉවත් කිරීමට බලපාන ලද හේතු කවරේද;
(ii) එම ප්‍රධාන බස් නැවතුම්පළ ස්ථාපිත කිරීම සඳහා අත්පත් කර ගන්නා ලද ඉඩමේ මුල් අයිතිකරුගේ නම සහ ඉඩමේ පිඹුරුපත් අංකය කවරේද;
(iii) එම ඉඩමේ විශාලත්වය කොපමණද;
(iv) එම ප්‍රධාන බස් නැවතුම්පළ ස්ථාපිත කිරීම සඳහා භාවිතා කර තිබූ ඉඩමේ ප්‍රමාණය කොපමණද;
(v) ප්‍රධාන බස් නැවතුම්පළ ස්ථාපිත කිරීම සඳහා එම ඉඩම අත්පත් කර ගන්නා ලද වර්ෂය කවරේද;
(vi) මේ වනවිට ඉහත ඉඩම අයත් ආයතනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-05-10
අසන ලද්දේ
ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මම සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ගල්කිස්ස දිසා අධිකරණයේදී පැවැති නඩු අංක 1319/00/ඉඩම් නඩුවේ තීන්දු ප්‍රකාශ පරිදි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ඉඩම හිමි නැති බවට තීරණය වීම.
(ii) පැන නොනඟී.
(උක්ත නඩු තීන්දුවට අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත අදාළ ඉඩම අත් පත් කරගෙන නොමැති බව තහවුරු වී ඇති බැවිනි.)
(iii) අක්කර බින්දුවයි, රූඩ් එකයි, පර්චස් 2.38යි.
(අක්කර 0, රූඩ් 1, පර්චස් 20.38)
(iv) අක්කර බින්දුවයි, රූඩ් එකයි, පර්චස් 2.38යි.
(අක්කර 0, රූඩ් 1, පර්චස් 20.38)
(v) පැන නොනඟී.
(උක්ත නඩු තීන්දුවට අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත අදාළ ඉඩම අත් පත් කරගෙන නොමැති බව තහවුරු වී ඇති බැවිනි.)
(vi) ඔව්.
සීමාසහිත හෙට්ටිගොඩ ඉන්ඩස්ට්‍රීස් (පුද්ගලික) සමාගම.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-07-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks