04

E   |     |  

 දිනය: 2024-04-26   පිළිතුර ලබා දී ඇත 

1908/2024: අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය: දිළිඳු පවුල් සවිබලගැන්වීම

----

අසන ලද දිනය

2024-04-26

අසන ලද්දේ

ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      දුප්පත් හා අන්ත දිළිඳු පවුල් ලක්ෂ 12ක් සවිබලගැන්වීමේ වැඩසටහන සඳහා 2024.03.11 දින අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. (අනුමැතිය ලබා දුන් ලිපියෙහි පිටපතක් සහ සවිබලගැන්වීමේ වැඩසටහනෙහි සාරාංශ වාර්තාවක් ඇමුණුම 01හි** දක්වා ඇත.)

              (ii)      අදාළ නොවේ.

             (iii)      "අස්වැසුම" සුබසාධක ප්‍රතිලාභී පවුල් සවිබලගැන්වීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම ප්‍රධාන අදියර දෙකක් යටතේ සිදු කෙරේ.

01. නියමු ව්‍යාපෘතියක් (Pilot project) ක්‍රියාත්මක කිරීම.

  • නියමු ව්‍යාපෘතිය විදේශ මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන අතර, ඒ අනුව ආසියානු සංවර්ධන බැංකු මූල්‍යාධාර යටතේ දිස්ත්‍රික්ක 13ක පවුල් 10,000ක් හා ලෝක බැංකු ආධාර යටතේ දිස්ත්‍රික්ක 12ක පවුල් 6,000ක් සවිබලගැන්වීමට කටයුතු කෙරේ.
  • නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන කාල පරිච්ඡේදය.
  • ආසියානු බැංකු මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන නියමු ව්‍යාපෘතිය (පවුල් 10,000ක් සවිබලගැන්වීම) 2024-2026 දක්වා වසර දෙකක් තුළ ක්‍රියාත්මක කෙරේ. 

2024 වසරේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන කාල පරිච්ඡේදය - 2024 අප්‍රේල් සිට 2024 දෙසැම්බර් දක්වා වේ.

(මේ වනවිට ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර, ක්‍රියාත්මක කාල වකවානු ඇතුළත් සාරාංශ වාර්තාවක් ඇමුණුම 02**හි දක්වා ඇත.)

  • ලෝක බැංකු මූල්‍යාධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන නියමු ව්‍යාපෘතිය (පවුල් 6,000ක් සවිබලගැන්වීම) 2024-2027 දක්වා වසර 3ක කාලයක් තුළ ක්‍රියාත්මක කෙරේ.

2024 වර්ෂයේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන කාල පරිච්ඡේදය - 2024 ජුලි සිට 2024 දෙසැම්බර් දක්වා වේ.

මේ වනවිට ව්‍යාපෘතියේ සැලසුම් කටයුතු සිදු කරමින් පවතින අතර, 2024 වර්ෂය තුළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ඉදිරි කාල වකවානු ඇතුළත් සාරාංශ වාර්තාවක් ඇමුණුම 02හි දක්වා ඇත.

02. පවුල් සවිබලගැන්වීමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම.

"අස්වැසුම" සුබසාධක ප්‍රතිලාභී පවුල් සවිබලගැන්වීමේ ජාතික වැඩසටහන යටතේ, 2024 සිට 2026 දක්වා වූ කාල පරිච්ඡේදය තුළ ප්‍රතිලාභී පවුල් ලක්ෂ 12ක සවිබලගැන්වීමට අපේක්ෂිත අතර, ඒ යටතේ 2024 වර්ෂය තුළ පවුල් ලක්ෂ 3ක් සවිබලගැන්වීමට කටයුතු කෙරේ.

  • සවිබලගැන්වීමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන කාල වකවානු

ඉහත සඳහන් පරිදි ආසියානු සංවර්ධන බැංකු හා ලෝක බැංකු මූල්‍යාධාර යටතේ නියමු ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලෙසත්, එහි අත්දැකීම්ද පදනම් කරගෙන සුබසාධක ප්‍රතිලාභී පවුල් ලක්ෂ 12ක් සවිබලගැන්වීමේ ජාතික වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීම සඳහා භාණ්ඩාගාර ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කරන බවත් ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

  • කෙසේ වුවත්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සවිබලගැන්වීමේ ජාතික වැඩසටහන 2024 මාර්තු මාසයේදී ආරම්භ කරන ලදී. ඒ අනුව, 2024 වර්ෂය තුළ "අස්වැසුම" ප්‍රතිලාභ ලබන පවුල් ලක්ෂ 3ක් සවිබලගැන්වීමට අදාළව සුදුසු පවුල් හඳුනා ගැනීමේ කටයුතු සිදු කරමින් පවතින අතර, මේ වනවිට පවුල් 188,042ක් දිස්ත්‍රික්ක මට්ටමින් හඳුනා ගැනීම අවසන් කර ඇත.

දිස්ත්‍රික් මට්ටමින් සවිබලගැන්වීම සඳහා හඳුනා ගත් පවුල් පිළිබඳව වාර්තාවක් ඇමුණුම 03**හි දක්වා ඇත.)

  • ඒ අනුව, සවිබලගැන්වීමට හඳුනාගෙන ඇති පවුල් 188,042කට අදාළව පවුල් සංවර්ධන සැලසුම් සකස් කිරීමේ කටයුතු දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කර ඇත.
  • තවද, 2024 වර්ෂය තුළ සවිබලගැන්වීමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ කාලවකවානු ඇතුළත් වාර්තාවක් ඇමුණුම 02හි දක්වා ඇත.

 (ආ) අදාළ නොවේ. 

පිළිතුරු දුන් දිනය

2024-06-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අනුප පස්කුවල් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks