බලන්න

04

E   |     |  

 දිනය: 2024-09-03   පිළිතුර ලබා දී ඇත 

1880/2024: ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ශ්‍රී ලංකා ගුරු සේවය සහ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය: ස්ථාන මාරු ප්‍රතිපත්ති

----

අසන ලද දිනය

2024-09-03

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ සහ ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරින් සඳහා නිශ්චිත ස්ථාන මාරු ප්‍රතිපත්තියක් තිබේ.

              (ii)      ශ්‍රී ලංකා විදුහල්පති සේවය

  • අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ 43/2023 - ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ -ජාතික පාසල්- නිලධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරු පටිපාටිය - 2024 (ඇමුණුම 01)
  • කාර්ය පටිපාටික රීති සංග්‍රහයේ ස්ථාන මාරු සඳහා අදාළ කොටස (ඇමුණුම 02) ශ්‍රී ලංකා ගුරු සේවය
  • 2007/20 ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය (ඇමුණුම 03)
  • 2024 වර්ෂයට අදාළව සකස් කළ ගුරු ස්ථාන මාරු නිර්ණායක හා පාසල් වර්ගීකරණ ලේඛනය (ඇමුණුම 04)
  • ස්ථාන මාරු අයදුම් කිරීමේදී වෛද්‍ය කරුණු සනාථ කිරීමේ ආකෘතිය (ඇමුණුම 05)

(iii) ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද ස්ථාන මාරු පටිපාටියක් පවතින අතර, ඇමුණුම 06 මඟින් එය ඉදිරිපත් කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථාන මාරු පටිපාටිය -I, II හා III ශ්‍රේණි සඳහා- අමාත්‍යාංශ චක්‍රලේඛ අංක 32/2022 යටතේ 2022.09.07 දිනැතිව අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියේ ප්‍රසිද්ධියට පත් කර ඇත.

ඇමුණුම් 01, 02, 03, 04, 05 සහ 06 සභාගත* කරමි.

(iv) ඉහත (iii)හි සඳහන් චක්‍රලේඛය අනුව, 2022/2023 වර්ෂය සඳහා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම් කරමින් අයදුම්පත් 243ක් යොමු වූ අතර,  ඒ අනුව අදාළ ස්ථාන මාරු නියෝග 2023.03.27 දින අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කර ඇත. වාර්ෂික ස්ථාන මාරු සමාලෝචන කමිටු තීරණ හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට ඉදිරිපත්  කරන ලද අභියාචනා තීරණවලින් පසුව නිලධාරින් 59 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

මෙම ස්ථාන මාරු 2024.01.01 දින සිට ක්‍රියාත්මක කර ඇති අතර, 2024/2025 වර්ෂය සඳහා අදාළ වාර්ෂික ස්ථාන මාරු චක්‍රලේඛය 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් පසුව නිකුත් කිරීමට නියමිතය.

(ආ) අදාළ ‍නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2024-09-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks