පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1876/2024
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ මේ වනවිට පාසල් අධ්‍යාපනය ලබන සිසුවියන් සංඛ්‍යාව කොපමණද;
(ii) ඔවුන්ගේ සනීපාරක්ෂක තත්ත්වය උසස් කිරීමේ අරමුණින් ඔවුන්ට සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහනක් අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කර තිබේද;
(iii) එසේ නම්, එම වැඩසටහන සඳහා වෙන් කර ඇති මුදල කොපමණද;
(iv) සියලු පාසල් සිසුවියන් ආවරණය වන පරිදි එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-04-25
අසන ලද්දේ
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ශ්‍රී ලංකාවේ මේ වනවිට පාසල් අධ්‍යාපනය ලබන සිසුවියන් සංඛ්‍යාව (පාසල් සංගණනය 2022 - අධ්‍යාපන අමාත්‍යාංශයේ සංගණන ශාඛාවේ තොරතුරු අනුව)
|
|
විස්තරය / ශ්‍රේණි පරාසය |
සිසුවියන් සංඛ්‍යාව |
|
1 |
1-5 |
773,712 |
|
2 |
6-9 |
657,095 |
|
3 |
10-11 |
330,182 |
|
4 |
12-13 |
235,992 |
|
5 |
විශේෂ අධ්‍යාපන ඒකක |
2,780 |
|
|
මුළු සිසුවියන් සංඛ්‍යාව |
1,999,761 |
(ii) මේ වනවිට අතිදුෂ්කර, දුෂ්කර, හුදෙකලා පාසල්, වතු පාසල් හා දරිද්‍රතා සිසුන් සහිත නාගරික පාසල්වල ශිෂ්‍යාවන් ඇතුළත් පළාත් පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් මිලියන 0.8කට, 2024 වර්ෂයේ මාස 8ක් සඳහා විවෘත වෙළෙඳ පොළෙන් ශිෂ්‍යාවන්ගේ කැමැත්ත මත ඉහළ ගුණත්වයක් සහිත සනීපාරක්ෂක තුවා සාධාරණ මිලක් යටතේ මිලදී ගැනීමට හැකි වන සේ සැකසූ රුපියල් 1,200ක් වටිනා වවුචර්පතක් ලබාදීමට ED/ACT/24/26 හා 2024.03.15 දිනැති අමාත්‍ය මණ්ඩල සන්දේශය ඉදිරිපත් කරන ලද අතර, ඒ සඳහා අංක: අමප 24/0561/607/018-1 හා 2024.04.01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් අනුමැතිය හිමිවී ඇති බව දන්වා ඇත. ඒ අනුව මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කරමින් පවතී.
තවද, සනීපාරක්ෂක තුවා භාවිතය හා නිසි පරිදි බැහැර කිරීම පිළිබඳව පාසල් ශිෂ්‍යාවන් දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් උපදෙස් පත්‍රිකාවක් නිර්මාණය කර, එය අධ්‍යාපන අමාත්‍යාංශය හරහා පාසල් ශිෂ්‍යාවන්ට බෙදා දීමටද නියමිතය.
(iii) මේ සඳහා 2024 වර්ෂයට ප්‍රතිපාදන වෙන් වී නොමැති අතර, අධ්‍යාපන අමාත්‍යාංශයේ සුභසාධක වැඩසටහන් යටතේ වන 126-1-2-3-1501 වැය විෂය මඟින් දුෂ්කර, අතිදුෂ්කර හා හුදෙකලා පාසල්වල සිසුන්ට හා තෝරා ගත් පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන්ට 2023 වර්ෂය සඳහා රජය මඟින් පාසල් පාවහන් මිලදී ගැනීමට ලබා දෙන තිළිණපත් 2023 දෙසැම්බර් සිට 2024 ජනවාරි, පෙබරවාරි මාසවල ලබා දීමට කටයුතු කර ඇති බැවින්, 2024 වර්ෂයට එම සිසුන්ට නැවත පාවහන් ලබාදීමේ අවශ්‍යතාවක් නොමැති නමුත්, ඒ සඳහා රුපියල් බිලියන 2.5ක් වෙන් වී ඇති අතර, එම ප්‍රතිපාදනවලින් රුපියල් බිලියනයක් මෙම ව්‍යාපෘතිය සඳහා යොදා ගැනීමට නියමිතය.
(iv) පාවහන් ලබා දීමට වෙන් වී ඇති ප්‍රතිපාදනවලින් පාවහන් ලබා දීමෙන් පසු මෙම වසරේ ඉතිරිවී ඇති ප්‍රතිපාදන යොදාගෙන මෙම සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහන මෙම වසරේදී සිසුවියන් මිලියන 0.8ක් සඳහා ක්‍රියාත්මක කරනු ලබන අතර, සියලු පාසල් සිසුවියන් ආවරණය වන පරිදි එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා 2025 වසරේදී ප්‍රතිපාදන වෙන් කර ගැනීමට කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-06-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks