E   |     |  

 දිනය: 2024-09-03   පිළිතුර ලබා දී ඇත 

1755/2024: කුලී නිවාසවල පදිංචිකරුවන්: පදිංචිය තහවුරු කිරීමේ නොහැකියාව

----

අසන ලද දිනය

2024-09-03

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      පිළිගනිමි.

              (ii)      කෙසේ වුවද, ඉඩමේ අයිතිය තහවුරු කිරීමට නොහැකි කුලී නිවාසවල පදිංචි වී සිටින පදිංචිකරුවන්ට ජල බිල්පත්/ විදුලි බිල්පත් ලබා ගැනීම සඳහා පදිංචි සහතික ලබා ගැනීමට බාධාවක් නොමැත.

                        පුරවැසියෙකුගේ යම් අවශ්‍යතාවක් සඳහා පදිංචිය තහවුරු කිරීමට ඉල්ලුම් කිරීමේදී, පහත සඳහන් ලේඛන/පරීක්ෂා කටයුතු ආශ්‍රයෙන් එම පුරවැසියාගේ පදිංචිය සනාථ කිරීමට ග්‍රාම නිලධාරින්හට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් උපදෙස් ලබා දී ඇත.

අපගේ අමාත්‍යාංශයෙන් ඒ අයට ඒ ලියවිලි ඉදිරිපත් කරන්න උපදෙස් ලබා දී තිබෙනවා, ගරු මන්ත්‍රීතුමා.

ඡන්ද හිමි නාම ලේඛනය

ඡන්ද හිමි නාම ලේඛනයේ නම ඇතුළත්ව තිබීම අනිවාර්ය හා එකම සාධකය ලෙස නොසලකා පුරවැසියාගේ පදිංචිය සම්බන්ධයෙන් ක්ෂේත්‍ර පරීක්ෂණ හා වෙනත් සුදුසුකම් සොයා බැලීම් ආශ්‍රයෙන් කරුණු තහවුරු කරගෙන පදිංචිය සනාථ කිරීම. (රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්ගේ අංක HAF-3-MISCL-04-001 හා 2011.06.05 දිනැති ලිපිය හා අංක HAF-3-MISCL-04-001-II හා 2019.01.26 දිනැති ලිපිය අනුව)

ඒ කියන්නේ 2011.06.05 දිනැති සහ 2019.01.26 දිනැති ලිපි මඟින් අදාළ නිලධාරින්ට ඉතා පැහැදිලිව උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අනුව, කුලී නිවාසවල පදිංචිව සිටින පදිංචිකරුවන්ට ද ඔවුන්ගේ පරිපාලනමය අවශ්‍යතා වෙනුවෙන් ග්‍රාම නිලධාරින් මඟින් පදිංචිය සනාථ කිරීම සඳහා ඉඩමේ අයිතිය තහවුරු කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් නොවේ.

ජල, විදුලි බිල්පත් ලබා ගැනීමට අදාළව පදිංචිය සහතික කිරීම හැර වෙනත් අවශ්‍යතා සඳහා එම ආයතන මඟින් නිකුත් කර ඇති උපදෙස් හා රෙගුලාසි අදාළ වේ.

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේදී සහ ඔවුන්ගේ දරුවන් රජයේ පාසල්වලට ඇතුළත් කිරීමේදී එම අදාළ ආයතන මඟින් නිකුත් කර ඇති චක්‍රලේඛ, උපදෙස් හා රෙගුලාසි අදාළ වේ.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2024-09-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks