පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1750/2024
ගරු ඉෂාක් රහුමාන් මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මන්නාරම සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද දිනය කවරේද;
(ii) එම බලාගාරය ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු කරන ලද මුදල කොපමණද;
(iii) එම බලාගාරයෙන් ජාතික ජාලයට එකතු කිරීමට අපේක්ෂා කරනු ලබන විදුලි ප්‍රමාණය මෙගා වොට්වලින් කොපමණද;
(iv) එම විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරනු ලබන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද;
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-05-10
අසන ලද්දේ
ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ලං.වි.ම. ට අයත් මන්නාරම තම්බපවනී සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද්දේ 2019 මාර්තු මස 04වන දිනයි.
(ii) එම බලාගාරය ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු කරන ලද මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 157.6කි. (ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර අංක 3585-SRI ට අදාළ වේ)
ඉදිකිරීම් සඳහා පමණක් වියදම් වූ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 123.1කි. (2024 අප්‍රේල් 22 දිනට)
(iii) බලාගාරයෙන් වාර්ෂිකව ගිගාවොට් පැය 400 (400 GWh) ජාතික ජාලයට එකතු කිරීමට අපේක්ෂිතයි.
(iv) විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු අවසන් කරනු ලැබූවේ 2021 මාර්තු මාසයේදීය. මන්නාරම නඩුකුඩා ග්‍රිඩ් උපපොළේ ඉදිකිරීම් කටයුතු අවසන් වූ පසු 2021 මැයි මස 18වන දින සිට බලාගාරයේ මෙහෙයුම් කටයුතු ආරම්භ විය.
(ආ) සියලු තොරතුරු ඉහත දක්වා ඇති බැවින් අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-06-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks