පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1749/2024
ගරු ඉෂාක් රහුමාන් මහතා,— නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වකුගඩු රෝගීන් සිටින පවුල්වල නිවාස අලුත්වැඩියා කිරීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් මූල්‍යමය ආධාරයක් ලබා දෙන්නේද;
(ii) එම මූල්‍යමය ආධාරය කොපමණද;
(iii) එම ආධාරය ලබා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් කවරේද;
(iv) ආධාරය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත මූල්‍යමය ආධාරය ලබා ගැනීම සඳහා ඉල්ලුම් කර ඇති පුද්ගලයන් සංඛ්‍යාව සහ මේ වනවිට එම අධාරය ලබා දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) සුදුසුකම් සපුරා ඇති සියලුම ඉල්ලුම්කරුවන්ට එම ආධාරය ලබා දෙන්නේද;
(iii) එසේ නම් එම දිනය කවරේද;
(iv) ස්ථිර නිවසක් නොමැති වකුගඩු රෝගීන් සිටින පවුල් සඳහා නිවසක් ඉදිකර දීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට පියවර ගන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-04-25
අසන ලද්දේ
ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
නාගරික සංවර්ධන හා නිවාස
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 2017-2019 කාල වකවානුව තුළ මේ සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක වුවද, මේ වනවිට වකුගඩු රෝගීන්ට නිවාස ආධාර ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක නොවන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය දන්වා සිටී.
(ii) එවකට ලබා දුන් මුදල රුපියල් 500,000කි.
(iii) කාලික වකුගඩු රෝගයෙන් පෙළෙන බවට සහතික ලත් පුද්ගලයන්ගෙන් සමන්විත නිවසක අවශ්‍යතාව ඇති පවුලක් වීම.
(iv) කාලික වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගියෙකු බවට සහ ප්‍රතිකාර ගන්නා බවට වෛද්‍ය වාර්තා, නිවාස ඉදිකිරීම කළ යුතු බවට ග්‍රාම නිලධාරි වාර්තාව, නිවසක් ඉදිකිරීම සඳහා නිරවුල් ඉඩමක් පවතින බවට සහතිකය, ආදායම් සහතික, බැංකු ගිණුම් තොරතුරු, ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපත.
(ආ) (i) 2017-2019 කාලය තුළදී දිස්ත්‍රික්ක අනුව ආධාර ලබා දුන් පුද්ගලයන් පිළිබඳ විස්තර පහත දක්වා ඇත.
වකුගඩු නිවාස ආධාර වැඩසටහන
වර්ෂ 2017 සිට 2019 දක්වා
|
දිස්ත්‍රික්කය |
නිවාස සංඛ්‍යාව |
|
අනුරාධපුරය |
1,334 |
|
පොළොන්නරුව |
1,305 |
|
බදුල්ල |
71 |
|
කුරුණෑගල |
532 |
|
මාතලේ |
168 |
|
මොනරාගල |
99 |
|
මුලතිව් |
23 |
|
වවුනියාව |
148 |
|
ත්‍රිකුණාමලය |
85 |
|
අම්පාර |
514 |
|
කොළඹ |
02 |
|
ගම්පහ |
18 |
|
කළුතර |
52 |
|
මහනුවර |
69 |
|
රත්නපුරය |
64 |
|
එකතුව |
4,484 |
(ii) එම වැඩසටහන ක්‍රියාත්මක වූ 2017-2019 කාල වකවානුව තුළ සුදුසුකම් සපුරා තිබූ සියලුම ඉල්ලුම්කරුවන්ට එම ආධාර ලබා දුන් බවට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය දන්වා සිටී.
(iii), (iv) එම වැඩසටහන ක්‍රියාත්මක කරන ලද 2017-2019 කාල වකවානු තුළ ඉල්ලුම් කරන ලද සියලු ඉල්ලුම්කරුවන්ට නිවාස ආධාර ලබා දුන් අතර, මේ වනවිට එම වැඩසටහන ක්‍රියාත්මක නොවන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය දන්වා සිටී.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-06-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු තේනුක විදානගමගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks