පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1738/2024
ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— සංචාරක හා ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) උතුරු හා නැගෙනහිර පළාත්වල ඇති ඉඩම් මෑතක සිට රජය මඟින් අත්පත් කර ගනු ලබන බවත්;
(ii) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඉරක්කක්කණ්ඩි, පුල්මුඩේ, කින්නියා, මුතූර් සහ තෝප්පූර් යන ප්‍රදේශවල ඉඩම්, ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් ඒවායේ හිමිකරුවන්ගේ අවසරයකින් තොරව මැනුම් කටයුතු සිදු කරනු ලබන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත මැනුම් කටයුතු සිදු කිරීමට හේතුව කවරේද;
(ii) ඉහත සඳහන් පරිදි ඉඩම් අත්පත් කර ගැනීම, එම ඉඩම්වල පාරම්පරිකව කෘෂිකර්මික කටයුතු සිදු කරනු ලබන ගොවීන්ගේ ජීවනෝපායට අහිතර ලෙස බලපාන බව දන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-05-10
අසන ලද්දේ
ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සංචාරක හා ඉඩම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
(අ) (i) ඔව්. උතුර හා නැඟෙනහිර පළාත්වල සිදුවන ඉඩම් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් සාරාංශයක් ඇමුණුම 01හි දක්වා ඇත.
ගරු මන්ත්‍රීතුමනි, මේ ඇමුණුම දීර්ඝ එකක්. එම ඇමුණුම මම සභාගත* කරනවා. ඉඩම් ගත් හේතුව ඇතුළු සියලු විස්තර මේකේ තිබෙනවා. මම එය ඔබතුමාට ලැබෙන්න සලස්වන්නම්.
(ii) සෑම මැනුම් කටයුත්තක්ම ක්‍රියාත්මක කිරීමේ දී අත්කර ගැනීමේ පනතට අනුව අදාළ ඉඩම් හිමිකරුවන් දැනුවත් කිරීමෙන් පසුව සිදු කරනු ලැබේ.
(ආ) (i) ඉල්ලුම්කාර අමාත්‍යාංශය විසින් යොමු කරනු ලබන අත්කර ගැනීමේ යෝජනා ප්‍රකාර ඉඩම් අත්කර ගැනීමේ පනතේ ප්‍රතිපාදන මත මැනුම් කටයුතු සිදු කරනු ලබයි.
(ii) ඉඩම් අත්කර ගැනීමේ පනතේ නියෝග 248 ප්‍රකාර ඉඩම් අත්කර ගැනීමේ අයදුම් පත්‍රයක් යොමු කිරීමට ප්‍රථම, ඉල්ලුම්කාර ආයතනය විසින් මූලික විමර්ශනයක් පවත්වා, එම ප්‍රදේශයේ ඉඩම් පිළිබඳ සංසන්දනාත්මක විමසුමක් සිදු කිරීමෙන් අනතුරුව අදාළ අත්කර ගැනීමේ අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීම සිදු කරනු ලබයි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-06-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු හරීන් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks