පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2024-07-23
අසන ලද්දේ
ගරු ජගත් ප්‍රියංකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මම සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) පුත්තලම දිස්ත්‍රික්කයේ දුම්රිය හරස් මාර්ග 138ක් පවතින අතර, ඒ සියල්ල ආරක්ෂිත දුම්රිය හරස් මාර්ග වේ. දුම්රිය මාර්ග හරහා ඇති මධ්‍යම රජයේ හෝ නගර සභාවක් හෝ ප්‍රාදේශීය සභාවක් යටතේ ක්‍රියාත්මක වන සියලු මාර්ග පහත සඳහන් කුමන හෝ ආකාරයකින් ආරක්ෂිත දුම්රිය හරස් මාර්ගයන් වේ.
i) මාර්ග සංඥා, විදුලි සීනු, වර්ණාලෝක හා මාර්ග බාධක යෙදූ හරස් මර්ග
ii) මාර්ග සංඥා සමඟ විදුලි සීනු හා වර්ණාලෝක යෙදූ හරස් මාර්ග
iii) මාර්ග සංඥා සමඟ උණ බම්බු යෙදූ හරස් මාර්ග
iv) මාර්ග සංඥා පුවරු පමණක් යෙදූ හරස් මාර්ග
(ii) පැන නොනඟී.
(iii) ආරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටුවල ගේට්ටුකරුවන් නොමැතිවීම ආදී හේතු නිසා සිදුවූ අනතුරු පහත පරිදි වේ.
(iv) ශ්‍රී ලංකාව පුරා ඇති දුම්රිය හරස් මාර්ග එහි ඇති ප්‍රමුඛතාව අනුව, එනම් දුම්රිය මාර්ග ගණන අනුව (තනි/ද්විත්ව/ත්‍රිත්ව) එම හරස් මාර්ග හරහා ගමන් ගන්නා රථ වාහන ධාරිතාව, දුම්රිය මාර්ගයේ ගමන් කරන දුම්රිය වාර සංඛ්‍යාව වැනි නිර්ණායක යටතේ දැනටමත් දුම්රිය දෙපාර්තමේන්තුවේ සංඥා හා විදුලි උප දෙපාර්තමේන්තුව මඟින් දුම්රිය හරස් මාර්ග බහු කාර්ය සේවකයන් යොදා ගනිමින් සම්පූර්ණ ආරක්ෂිත හරස් මාර්ග බවට පරිවර්තනය කිරීමේ වයාපෘතියක් ක්‍රියාත්මක වෙමින් පවතී.
දැනට මාර්ග සංඥා පුවරු මඟින් පමණක් ආවරණය කර ඇති හරස් මාර්ග සඳහා ආරක්ෂිතව වසා දැමිය හැකි ගේට්ටු කට්ටල හාරසියයක් මිල දී ගැනීමට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වනවිට අවසන් අදියරේ පවතී.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-07-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks