පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2024-09-03
අසන ලද්දේ
ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
(අ) (i) 29කි.
(ii) අක්කර 4,522කි.
(iii) කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු ඉහත සඳහන් භූමි බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරන අතර, ගොවිපළවල් සතු භූමි බීජ වී, අතිරේක ආහාර භෝග බීජ, එළවලු බීජ, බීජ අර්තාපල්, රෝපණ ද්‍රව්‍ය හා සත්ත්ව පාලනය සඳහා භාවිත කරයි.
බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනයේදී අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමට සහ ඉදිකිරීම් සඳහා ද එකී භූමි භාවිත කර ඇත. විශේෂයෙන් එළවලු බීජ හා බීජ අර්තාපල් ගොවිපළවල් තුළ අත්‍යවශ්‍යයෙන් සිදු කළ යුතු භෝග මාරු කිරීම සඳහා අවශ්‍ය භූමි ගොවිපළවල් තුළ වෙන් කර ඇත.
(iv) නැත.
(v) අදාළ නොවේ.
(ආ) කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවිපළවල් සතු සියලු භූමි භාවිත කරනු ලබන්නේ ජාතික බීජ හා රෝපණ ද්‍රව්‍ය අවශ්‍යතාව සාක්ෂාත් කර ගැනීම සඳහාය. එමෙන්ම ජාතික ආහාර සුරක්ෂිතතාව උදෙසා ආහාර භෝග වගා කිරීමට අවශ්‍ය මූලික බීජ නිෂ්පාදනය මූලික කාර්යභාරය වන අතර, ඒ සඳහා මෙම සියලුම භූමි භාවිත කරන අතර, ඉදිරියේදී සංවර්ධනය කර බීජ නිෂ්පාදනය සඳහා භාවිත කිරීමට ඉතා සුළු භූමි ප්‍රමාණයක් පමණක් ගොවිපළවල් සතුව ඇත.
තාක්ෂණික වශයෙන් බීජ නිෂ්පාදනය කිරීමේදී ප්‍රභේද අතර හුදෙකලා කිරීමේ පරතර අනිවාර්යයෙන් පවත්වා ගත යුතු අතර, එක් එක් ප්‍රභේදයට ආසන්නයේ එම භෝගයේ ප්‍රභේද වගා කිරීමට නොහැකි වන අතර, පර්යේෂණවලින් තහවුරු කර ඇති පරිදි හුදෙකලා කිරීමේ පරතර පවත්වා ගත යුතුය. එමෙන්ම බීජ වගාවන් එකම භූමියේ අඛණ්ඩව වගා කිරීමට නොහැකි වන අතර, අනිවාර්යයෙන්ම භූමි මාරු කිරීම් සිදු කළ යුතුය.
තවද, බාහිර පර්ශ්වයන් හා එක්ව ගොවිපළ තුළ වගා කටයුතු සිදු කිරීමේදී රෝග හා පළිබෝධ පාලනය ඉතා දුෂ්කර විය හැකි අතර, එසේ සිදුවීමෙන් බීජ වගාවන්හට රෝග හා පළිබෝධ වැළඳීමේ හැකියාව ඉතා ඉහළ බැවින් මේ තුළින් මූලික බීජ නිෂ්පාදනයට හා බීජ කර්මාන්තයට විශාල බලපෑමක් ඇති විය හැක. (උඩරට අර්තාපල් බීජ ගොවිපළවල්)
ඉහත තාක්ෂණික කරුණුවලට අනුකූලව ගොවිපළවල් සතු භූමි තුළ බාහිර පාර්ශ්වයන් විසින් වගා කටයුතු සිදු කළහොත් ඒ තුළින් මූලික බීජ නිෂ්පාදනයට හා එහි ගුණාත්මකභාවයට ගැටලුකාරි තත්ත්වයන් ඇති වන බැවින් පෞද්ගලික ව්‍යවසායකයන් ගොවිපළවල් තුළට ඇතුළත් කර ගැනීමේ හැකියාවක් නොමැත.
පිළිතුරු දුන් දිනය
2024-09-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks