01

E   |     |  

 දිනය: 2024-07-23   පිළිතුර ලබා දී ඇත 

1704/2024: පළාත් පාලන ආයතනවල අනියම් සේවකයන්: සේවය ස්ථිර කිරිම

----

අසන ලද දිනය

2024-07-23

අසන ලද්දේ

ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අග්‍රාමාත්‍ය සහ  රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      2023.08.29 දිනට සියලු පළාත් පාලන ආයතනවල සේවයේ යෙදී සිටි අනියම්, ආදේශක, කොන්ත්‍රාත්, තාවකාලික සහ සහන පදනම යටතේ බඳවා ගෙන ඇති සේවක සංඛ්‍යාව 8,435කි.

(ii) 2024.06.11 දිනැතිව අමාත්‍ය මණ්ඩලය විසින් 8,435 දෙනෙකුගේ සේවය ස්ථිර කිරීම අනුමත කර ඇති අතර ඉන් 5,843 දෙනෙකු සඳහා මේ වන විට ස්ථිර පත්වීම් ප්‍රදානය කර ඇති අතර ඉතිරි පිරිස සඳහා පත්වීම් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.

(iii) ඔවුන් කරනු ලබන රාජකාරි පිළිබඳව පළාත් පාලන ආයතන වෙතින් තොරතුරු විමසා ඇති අතර ලද වහාම ඉදිරිපත් කිරීමට කටයුතු කරමි.

(iv) එම සේවකයන් සඳහා ගෙවනු ලබන වැටුප් පිළිබඳව පළාත් පාලන ආයතන විමසා ඇති අතර ලද ‍වහාම ඉදිරිපත් කිරීමට කටයුතු කරමි.

(v) අදාළ නොවේ.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2024-07-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජානක වක්කුඹුර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks