පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1703/2024
ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ රජයේ පාසල්වල සේවය කරනු ලබන අනධ්‍යන සේවකයන් සංඛ්‍යාව කොපමණද;
(ii) ඔවුන්ගේ තනතුරු නාම කවරේද;
(iii) නිශ්චිත රාජකාරි ලැයිස්තුවකින් ඔවුන්ට රාජකාරි පවරා දී තිබේද;
(iv) ඉහත සේවකයන් සඳහා උසස්වීම් පටිපාටියක් තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත සේවකයන් අතරින් මේ වනවිට උපාධිය සම්පූර්ණ කර ඇති සේවකයන් සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;
(ii) උපාධිය හා පළපුරුද්ද සැලකිල්ලට ගෙන ඔවුන් ගුරුවරුන් ලෙස බඳවාගැනීමට පියවර ගන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-05-10
අසන ලද්දේ
ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකාවේ රජයේ පාසල්වල සේවය කරනු ලබන අනධ්‍යයන සේවකයින් සංඛ්‍යාව පහත පරිදි වේ.
|
|
අනධ්‍යයන සේවකයින් සංඛ්‍යාව |
|
ජාතික පාසල්වල |
12,173 |
|
පළාත් පාසල්වල |
25,279 |
|
එකතුව |
37,452 |
(ii) ඒකාබද්ධ සේවය
සේවක සංඛ්‍යාව තනතුරු නාම 05ක් යටතට අයත් වේ.
|
අනු අංකය |
තනතුර |
වැටුප් පරිමාණය |
|
01 |
සංවර්ධන නිලධාරි |
MN-4 |
|
02 |
කළමනාකරණ සේවා නිලධාරි |
MN-2 |
|
03 |
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර |
MN-6 |
|
04 |
පුස්තකාලයාධිපති |
MN-7/ MN-3 |
|
05 |
රියදුරු |
PL-3 |
ඒකාබද්ධ නොවන සේවා
සේවක සංඛ්‍යාව තනතුරු නාම 16ක් යටතට අයත් වේ.
|
අනු අංකය |
තනතුර |
වැටුප් පරිමාණය |
|
01 |
සංවර්ධන සහකාර |
MN-4 |
|
02 |
සැලසුම්/මූල්‍ය සහකාර |
MN-4 |
|
03 |
පාසල් කළමනාකරණ සහකාර |
MN-4 |
|
04 |
ලේඛන සහකාර |
MN-1 |
|
05 |
රසායනාගාර සහකාර |
MN-1 |
|
06 |
තාක්ෂණ පීඨ සහකාර |
MN-1 |
|
07 |
ශිෂ්‍ය නිවාසාධිකාරි (ගැහැනු/පිරිමි) |
MN-1 |
|
08 |
සහකාර ශිෂ්‍ය නිවාසාධිකාරි (ගැහැනු/පිරිමි) |
MN-1 |
|
09 |
ක්‍රීඩා පුහුණුකරු |
MN-1 |
|
10 |
අරක්කැමි |
PL-2 |
|
11 |
සේවා සහායක - රසායනාගාර |
PL-1 |
|
12 |
සේවා සහායක - පුස්තකාල |
PL-1 |
|
13 |
සේවා සහායක - (පාසල්/උද්‍යාන කම්කරු) |
PL-1 |
|
14 |
සේවා සහායක - තාක්ෂණ පීඨ |
PL-1 |
|
15 |
සේවා සහායක - සනීපාරක්ෂක |
PL-1 |
|
16 |
සේවා සහායක - ආරක්ෂක |
PL-1 |
(iii) ඔව්.
අදාළ සේවා ව්‍යවස්ථා/බඳවා ගැනීමේ පටිපාටිවල එම තනතුරුධාරින් වෙත පවරනු ලබන රාජකාරි පිළිබඳව සාරාංශයක් ඇතුළත් කර ඇත. එම සේවා ව්‍යවස්ථාවට/බඳවා ගැනීම් පටිපාටියට අනුකූලව ඔවුන්ගේ ආයතන ප්‍රධානීන් විසින් ඔවුන්ට රාජකාරි ලැයිස්තු ලබා දේ.
ඒකාබද්ධ සේවා හා අනධ්‍යයන ඒකාබද්ධ නොවන සේවා ව්‍යවස්ථා/බඳවා ගැනීමේ පටිපාටි පහත දක්වා ඇත.
ඒකාබද්ධ සේවා ව්‍යවස්ථා
සංවර්ධන නිලධාරි - වැඩසටහන් නිලධාරි සේවා ව්‍යවස්ථාව
කළමනාකරණ සේවා නිලධාරි - රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ සේවා ව්‍යවස්ථාව
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර - ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා ව්‍යවස්ථාව
පුස්තකාලයාධිපති - ශ්‍රී ලංකා රජයේ පුස්තකාලයාධිපති සේවයේ සේවා ව්‍යවස්ථාව
රියදුරු - රාජ්‍ය සේවයේ මෝටර් රථ රියැදුරන් සඳහා ඒකාබද්ධ රියැදුරු සේවයේ සේවා ව්‍යවස්ථා සංග්‍රහය
ඒකාබද්ධ නොවන සේවා බඳවා ගැනීමේ පටිපාටි
PL-1 ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණය සඳහා වන බඳවා ගැනීම් පටිපාටි
PL-2 වැටුප් ක්‍රම සඳහා අදාළ බඳවා ගැනීම් පටිපාටි
PL-3 වැටුප් ක්‍රමය සඳහා වන උසස්වීම් පටිපාටි
MN-1 වැටුප් ක්‍රමය සඳහා වන බඳවා ගැනීම් පටිපාටිය
ක්‍රීඩා පුහුණුකරු තනතුර (MN-1 වැටුප් ක්‍රමය සහිත තනතුරකි.)
MN-4 වැටුප් ක්‍රමය සඳහා වන උසස්වීම් පටිපාටි
(iv) ඔව්.
ඒකාබද්ධ සේවය
ඒකාබද්ධ සේවයට අයත් අනධ්‍යයන කාර්ය මණ්ඩල ශ්‍රේණිගත හා අනෙකුත් උසස්වීම් අදාළ සේවා ව්‍යවස්ථාව අනුව සිදු කරනු ලබයි.
ඒකාබද්ධ නොවන සේවා
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/2006 යටතේ සකස් කරන ලද මෙම තනතුරුධාරින්ගේ බඳවා ගැනීම් පටිපාටිවල ශ්‍රේණි උසස්වීම් සඳහා විධිවිධාන ඇතුළත් වේ.
ඊට අමතර වශයෙන් PL-1 (ප්‍රාථමික ශිල්පීය නොවන), PL-2 (ප්‍රාථමික අර්ධ ශිල්පීය) සහ PL-3 (ප්‍රාථමික ශිල්පීය) තනතුරුධාරින්ට සීමිත පදනමින් MN-1 වැටුප් පරිමාණය හිමි තනතුරු සඳහා පත්වීම් කිරීමට විධිවිධාන MN-1 බඳවා ගැනීමේ පටිපාටියට ඇතුළත් වේ.
තවද, ජාතික පාසල්වල සේවය කරනු ලබන අනධ්‍යයන කාර්ය මණ්ඩලයට ඒකාබද්ධ සේවයේ තනතුරු සඳහා ද සීමිත තරග විභාග මඟින් උසස්වීමට අවස්ථාව සලසා තිබේ. (උදාහරණ වශයෙන් පුස්තකාලයාධිපති සේවය, කළමනාකරණ සේවා නිලධාරි සේවය වැනි සේවා)
(ආ) (i) උපාධිය සම්පූර්ණ කර ඇති ඒකාබද්ධ නොවන සේවයට අයත් PL හා MN කාණ්ඩයේ සේවකයින් සඳහා පාලන සහකාර වශයෙන් MN-4 වැටුප් පරිමාණය යටතේ තනතුරක් ඇති කිරීමට 2023.08.24 දිනැතිව අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කරන ලදී. ඒ සඳහා 2023.10.09 දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අදහස් දැක්වීම්වල අවධාරණය කරනු ලැබ ඇති කරුණු සැලකිල්ලට ගෙන එම සන්දේශයේ සඳහන් නිර්දේශ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීම යෝග්‍ය නොවන බවට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ලබා දී ඇත.
(ii) දිවයිනේ ජාතික හා පළාත් පාසල්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරින් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට බඳවා ගැනීමට අංක අපම/22/1357/607/026, 2022.10.31 හා අංක අමප/22/2021/607/026 - II හා 2022.12.12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ අනුව නිකුත් කරන ලද අංක 2317 හා 2023.01.27 දිනැති ගැසට් නිවේදනය ප්‍රකාරව අයදුම් පත් කැඳවන ලද අතර, ඒ අනුව බඳවා ගැනීමේ තරග විභාගය 2023.03.25 දිනැතිව පැවැත්වීමට නියමිතව තිබුණ ද, ශ්‍රේෂ්ඨාධිකරණයේ වාරණ නියෝගය නිසා කල් ගොස් ඇත. මූලික අයිතිවාසිකම් නඩු හතරක් ගොනු කර තිබෙනවා. සියලුම සංවර්ධන නිලධාරින්ට මේ සඳහා විකල්ප විසඳුමක් දෙන්න ඊළඟ සති දෙක තුළදී කටයුතු කරනු ලබනවා.
ඒ අනුව එම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු එසේ පවතින අතර, ඊට විකල්ප වූ පිළිතුරක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-06-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks