04

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

1702/2024: Promotion of Police Officers

1702/2024

ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා,—  මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      මේ වනවිට ශ්‍රී ලංකා පොලීසියේ, පොලිස් පරීක්ෂක, පොලිස් සැරයන් සහ පොලිස් කොස්තාපල් යන එක් එක් තනතුරේ සේවය කරනු ලබන නිලධාරින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) ඉහත සඳහන් එක් එක් තනතුරේ මේ වනවිට පවතින පුරප්පාඩු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) ඉහත තනතුරුවල සේවය කරනු ලබන නිලධාරින්ට උසස්වීම් ලබාදීමේදී අනුගමනය කරනු ලබන ක්‍රමවේදය කවරේද;

(iv) පොලිස් සැරයන් තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුරට උසස් වීම සඳහා ගත වන කාලය කොපමණද;

(v) ශ්‍රී ලංකා පොලීසියට ආධුනික පොලිස් කොස්තාපල්වරුන් බඳවාගැනීමේදී, මේ වනවිට අනුගමනය කරනු ලබන ක්‍රමවේදය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2024-04-10

අසන ලද්දේ

ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks