01

E   |     |  

 දිනය: 2024-05-10   පිළිතුර ලබා දී ඇත 

1701/2024: නිවාස තුළ සිදුවන ස්වාභාවික මරණ: ග්‍රාම නිලධාරි සහ රෙජිස්ට්‍රාර්වරයාගේ කාර්යභාරය

1701/2024

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       නිවාස තුළ සිදු වන ස්වභාවික මරණ ලියාපදිංචි කිරීමේදී, මරණය සිදු වන කොට්ඨාසයේ ග්‍රාම නිලධාරිවරයාගේ හා රෙජිස්ට්‍රාර්වරයාගේ කාර්යභාරය වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) ස්වභාවික මරණයකදී, මරණයට පත් වූ පුද්ගලයාගේ මරණයට හේතුව තහවුරු කර ගනු ලබන නීත්‍යානුකූල ක්‍රමවේදය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-05-10

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      නිවාස තුළ සිදුවන ස්වභාවික මරණ ලියාපදිංචි කිරීමේදී 1951 අංක 17 දරන උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ 46(1) වගන්තිය යටතේ තම කොට්ඨාසය තුළ සිදුවන මරණ පිළිබඳව දින හතක් ඇතුළත එම පනතේ පළමුවන උපලේඛනයේ "ම" ආකෘතිය (බී 24) -ඇමුණුම Iහි දක්වා ඇත- මඟින් අදාළ රෙජිස්ට්‍රාර්වරයාට වාර්තා කිරීම ග්‍රාම නිලධාරින්ගේ වගකීම වේ.

නිවාස තුළ සිදුවන හදිසි මරණ නොවන ස්වභාවික මරණ ලියාපදිංචි කිරීමේදී ග්‍රාම නිලධාරි විසින් නිකුත් කරනු ලබන බී 24 වාර්තාව මරණය දැනුම්දීමේ ලියවිල්ලක් වශයෙන් භාරගෙන, 1951 අංක 17 දරන උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ 31 වගන්තිය ප්‍රකාරව මියගිය තැනැත්තා අවසන් වරට රෝගීව සිටියදී ප්‍රතිකාර කළ වෛද්‍යවරයෙකු සිටී නම් එම වෛද්‍යවරයා විසින් පනතේ පළමුවන උපලේඛනයේ "ඔ" ආකෘතියට (බී 12) -ඇමුණුම IIහි දක්වා ඇත- අනුකූල වූ සහතිකයක් මඟින් හෝ (බී 155) -ඇමුණුම IIIහි දක්වා ඇත- මරණයට හේතුව දැක්වෙන ප්‍රශ්නාවලිය මඟින් එම මරණයට හේතුව පැහැදිලිව ලබාගෙන එම මරණය ලියාපදිංචි කිරීම රෙජිස්ට්‍රාර්වරයාගේ කාර්ය භාරය වේ.

එසේම, රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අත්පොතෙහි IV කාණ්ඩයෙහි XI පරිච්ඡේදයෙහි අංක 186-196 දක්වා වගන්තිවලද -ඇමුණුම IVහි දක්වා ඇත- නිවාස තුළ සිදුවන ස්වභාවික මරණ ලියාපදිංචි කිරීමට අදාළව එම කොට්ඨාසයේ ග්‍රාම නිලධාරින්ගේ සහ රෙජිස්ට්‍රාර්වරුන්ගේ කාර්ය භාරය දක්වා ඇත.

ඇමුණුම් I, II, III සහ IV සභාගත* කරමි.

(ii) 1951 අංක 14 දරන උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ 31 වගන්තිය අනුව මියගිය තැනැත්තා අවසන් වරට රෝගීව සිටියදී ප්‍රතිකාර කළ වෛද්‍යවරයෙකු සිටී නම්, එම වෛද්‍යවරයාට පනතේ පළමුවන උපලේඛනයේ "ඔ" ආකෘතියට (බී12) අනුකූල වූ සහතිකයක් නිකුත් කළ හැකි අතර, එමඟින් මරණයට හේතුව නිශ්චිතව ලබා ගත හැකිය. එසේම 31 වන වගන්තියට අනුකූල වූ වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් නොකරන අවස්ථාවලදී මරණයට හේතුව දැක්වෙන ප්‍රශ්නාවලියක් අඩංගු බී155 වන මරණයට හේතුව දැක්වෙන ප්‍රශ්නාවලිය මඟින් තොරතුරු ලබාගෙන මරණයට හේතුව පැහැදිලිව සටහන් කළ හැකිය.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2024-06-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks