01

E   |     |  

 දිනය: 2024-04-10   පිළිතුර ලබා දී ඇත 

1700/2024: ටෙන්ඩර් අංක 2022/MSD/V/R/P/0066 යටතේ හදිසි ඖෂධ මිලදී ගැනීම්: විස්තර

1700/2024

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      හදිසි මිලදී ගැනීමේ යෝජනා ක්‍රමය අනුව අංක 2022/MSD/V/R/P/0066 ටෙන්ඩර්ය යටතේ මිලදී ගැනීම සඳහා අනුමත වූ ඖෂධ වර්ග තිස් දෙක (32) කවරේද;

             (ii)      එම ඖෂධ අතරින් සපයන ලද ඖෂධ වර්ග කවරේද;

(iii) එම ඖෂධ ලියාපදිංචි කර තිබේද;

  (iv) ඉහත ටෙන්ඩරය ප්‍රදානය කිරීමේදී සම්මත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කර තිබේද;

(v) නොඑසේ නම්, ඊට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත ඖෂධ භාවිතා කිරීමෙන් අහිතකර ප්‍රතිවිපාක වාර්තා වී තිබේද;

(ii) එම ඖෂධ සඳහා වැඩ ඇණවුම් ඉල්ලීම ලබා දුන්නේ කවුරුන්ද;

(iii) සෙල්සියස් අංශක 2 - 8 අතර උෂ්ණත්වයක් යටතේ ලබා දිය යුතු සමහර ඖෂධ ඉහත ඇණවුම තුළ අන්තර්ගත වී තිබියදී, වෛද්‍ය සැපයුම් අංශය විසින් එම ඇණවුම සඳහා අනුමතිය ලබා දීමට හේතු කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-04-10

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      හදිසි මිලදී ගැනීම් යෝජනා ක්‍රමය අනුව අංක 2022/MSD/V/R/P/0066 යන ඇණවුම යටතේ මිලදී ගැනීම් සඳහා යොමු කර ඇත්තේ අයිතම 09ක් පමණි.

New Srno

Item

Unit

New Order List Number

Order Quantity

Grn Received Qty

Balance Quantity By Grn

00200102

Digoxin Inj. 500 mcg/2mL Amp.

Amp

2022/MSD/V/R/P/00066

1,200

740

460

00200302

Furosemide (Frusemide) Inj. 20mg/2mL Amp.

Amp

2022/MSD/V/R/P/00066

625,000

 

625,000

00200701

Amiodarone Tab. 100mg

Tab

2022/MSD/V/R/P/00066

500,001

 

500,001

00201901

Sildenafil Tab. 50mg

Tab

2022/MSD/V/R/P/00066

375,000

 

375,000

00204701

Enoxaparin Inj. 4000IU/0.4mL PFS/Vial

PF. Syr

2022/MSD/V/R/P/00066

200,000

15,000

185,000

00204702

Enoxaparin Inj.6000/0.6mL PFS/Vial

PF.Syr

2022/MSD/V/R/P/00066

250,000

181,000

69,000

00205404

Aspirin Enteric-coated Tab75mg

Tab

2022/MSD/V/R/P/00066

65,000,000

 

65,000,000

00205902

Tranexamic Acid Tab/Cap 500mg

Tab

2022/MSD/V/R/P/00066

450,000

 

450,000

00205903

Tranexamic Acid Inj. 500mg/5mL Amp.

Amp

2022/MSD/V/R/P/00066

120,000

 

120,000

 

              (ii)      එම ඖෂධ අතරින් සපයා ඇති ඖෂධ වන්නේ,

                        I.       Digoxin injection 5 mcg in 2 ml Ampule

                        II.      Enoxaparin injection 6000 IU /06 ml PFS/Vial

                        III.     Enoxaparin injection 4000 IU/0.4 ml BFS/Vial

(iii) මෙම ඖෂධය ලියාපදිංචිය අත්හැර දැමීම යටතේ ලබාගෙන ඇත. (WOR)

(iv) සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා වූ මාර්ගෝපදේශය (Introducing Guidelines for Health Sector Emergency Procurement Process) අනුගමනය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි ප්‍රසම්පාදන කමිටුව විසින් මෙම ඖෂධ වර්ගවලට අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදු කර ඇත.

(v) පැන නොනඟී.

(ආ) (i) නැත.

(ii) සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශය.

(iii) සෙල්සියස් අංශක 2-8 අතර උෂ්ණත්වයක් යටතේ ලබා දිය යුතු අයිතම උක්ත ඇණවුම තුළ අඩංගු නොවේ.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2024-06-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks