පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2587/’12
ගරු සජිත් ප්‍රේමදාස මහතා,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට එකඟ වී ඇති ජාත්‍යන්තර මානව හිමිකම් එකඟතාවන් කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) ඉහත සඳහන් එකඟතාවන්,
(i) ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටින්නේද;
(ii) රට තුළ බලගැන්වීමට අවශ්‍ය නීති සම්පාදනය කර තිබේද;
(iii) ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් රටට ඇතිවන අහිතකර බලපෑම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද ?
(ඇ) මානව අයිතිවාසිකම් සුරක්ෂා කිරීම පිළිබඳව රජයේ ප්‍රතිපත්තිය කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-07-24
අසන ලද්දේ
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
1. (a) * International Convention on the Elimination of All Forms of Racial Discrimination, ratified on the 18th of February, 1982;
* International Covenant on Civil and Political Rights, ratified on 11th June, 1980. Under that, there was the Optional Protocol to the International Covenant on Civil and Political Rights, ratified on the 03rd of October, 1997;
* International Covenant on Economic, Social and Cultural Rights, ratified on the 11th of June, 1980;
* Convention on the Elimination of All Forms of Discrimination against Women, ratified on the 05th of October, 1981; Optional Protocol ratified, on 15th October, 2002;
* Convention against Torture and Other Cruel, Inhuman or Degrading Treatment or Punishment, ratified on the 03rd of January, 1994;
* Convention on the Rights of the Child, ratified on the 12th of July, 1991;
* Optional Protocol to the Convention on the Rights of the Child on the Involvement of Children in Armed Conflicts, ratified on 08th September, 2000.
* Optional Protocol to the Convention on the Rights of the Child on the Sale of Children, Child Prostitution and Child Pornography, ratified on 22nd September, 2006; and
* International Convention on the Protection of the Rights of All Migrant Workers and Members of their Families, ratified on the 11th of May, 1996.
(ආ) (i) අනිවාර්යයෙන්ම බැඳී සිටිනවා. ගරු සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා දන්නවා, අපේ නීති පද්ධතිය තුළ ජාත්‍යන්තර සම්මුතියක් ක්‍රියාත්මක කිරීම සඳහා රට තුළ අපි නීති සම්පාදනය කරන්න ඕනෑ කියලා. ඒ සම්මුතිය පදනම් කරගෙන අපි නීති සකස් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා රටේ අභ්‍යන්තර නීති පද්ධතිය තුළට ඒවා ඇතුළත් කරන්න ඕනෑ.
එසේ කිරීම සඳහා පියවර අරගෙන තිබෙනවා. නමුත් ඒ නීති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී, ඒ සියලුම අවස්ථාවලදී ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාමුව තුළ අප කටයුතු කළ යුතුයි. උදාහරණයක් වශයෙන් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4. (c) ව්‍යවස්ථාව ගත්තොත් ගරු සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා දන්නවා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4. (c) ව්‍යවස්ථාව යටතේ අධිකරණ බලය හුදෙක්ම අයිති වන්නේ අපේ උසාවිවලට බව. පිටස්තර උසාවිවලට ඒ බලය ලැබෙන්නේ නැහැ. එම නිසා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අධිකරණ බලතල භාවිත කිරීමේ බලය කිසිම විදේශීය හෝ පිටස්තර අධිකරණයකට පැනවීමට අපට කිසි සේත් පුළුවන්කමක් නැහැ කියලා සිංගරාසා නඩු තීන්දුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව පෙන්වා දුන්නා. ඒ සීමා යටතේ අප මේ ජාත්‍යන්තර සම්මුති ක්‍රියාත්මක කිරීම සඳහා දේශීය තලයේ නීති සම්පාදනය කරලා ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගෙන තිබෙනවා.
(ii) අනිවාර්යයෙන්ම, ඔව්.
පැහැදිලිව අප ඒ විධියේ නීති සම්පාදනය කර තිබෙනවා. ඒකට පැහැදිලිම නිදර්ශනයක් මම කියන්නම්. මා හිතන හැටියට ගරු සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා මේක දන්නවා. මට මතක හැටියට එතුමා ඒ දිනයේ මේ සභා ගර්භයේ සිටියා. 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය - ICCPR Act එක - හදලා අප එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ කියන්නේ ඒ කාලයේ යම් යම් හිඩැස් තිබුණා. ඒ හිඩැස් පිරවීම සඳහා අප දුරදිග බලලා ඉතාම ක්‍රමානුකූලව ඒ පනත් කෙටුම්පත සකස් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එය පාර්ලිමේන්තුවේ සම්මත වුණා.
ගරු සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමනි, ඉන් පසුව ඒ තත්ත්වය තවත් පැහැදිලි කිරීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 129වන ව්‍යවස්ථාව යටතේ අතිගරු ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් උපදේශක තීන්දුවක් - advisory opinion එකක් - ඉල්ලුවා. එතැනදී ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා සම්පූර්ණයෙන් සෑහීමට පත් වෙනවා කියලා, මේ ජාත්‍යන්තර සම්මුති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීති පාර්ලිමේන්තුව විසින් සම්මත කර තිබෙන බවට. එම නිසා ඒ කර්තව්‍යය සම්පූර්ණයි කියන අදහස ඉතාම පැහැදිලිව ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළා, අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 වන ව්‍යවස්ථාව යටතේ. එම නිසා එතැන කිසිම අඩු පාඩුවක් නැහැ.
ඒ නිසා ඔබතුමා අසන ලද ප්‍රශ්නයට සරල උත්තරය තමයි "ඔව්" කියන එක.
(ආ) (iii) අහිතකර බලපෑම් නැත.
ඒ සඳහා අපෙන් කළ යුතුව තිබුණු සියලුම වග කීම් හා යුතුකම් අපි උපරිම ප්‍රමාණයෙන් ඉෂ්ට කර තිබෙන නිසා, ඒ සම්බන්ධයෙන් රටට කිසි අඩු පාඩුවක් හෝ අවදානමක් ඇති නොවන බව මම පැහැදිලිව ප්‍රකාශ කරනවා.
(ඇ) මානව අයිතිවාසිකම් සුරක්ෂා කිරීම පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය අනුව, අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, අපේ නීති පද්ධතිය, අපේ නීතිමය චාරිත්‍ර වාරිත්‍ර, සම්ප්‍රදායයන් තුළ මානව හිමිකම් සම්පූර්ණයෙන්ම සුරක්ෂිත වෙලා තිබෙන බව ඉතා සතුටින් සඳහන් කරනවා.
පිළිතුරු දුන් දිනය
2014-02-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks