පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2586/’12
ගරු සජිත් ප්‍රේමදාස මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වනවිට ශ්‍රී ලංකාවත් ඇමෙරිකා එක්සත් ජනපදයත් අතර තිබෙන වෙළඳ සබඳතාවයේ ස්වභාවය කවරේද;
(ii) ඇමෙරිකා එක්සත් ජනපදය සමග ඇති වෙළඳ සබඳතාව අප රටට කෙතරම් වැදගත් වන්නේද;
(iii) අද වනවිට දෙරට අතර ආනයන සහ අපනයන ප්‍රමාණයන් රුපියල් මිලියනවලින් කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ඇමෙරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත භාණ්ඩ ශ්‍රී ලංකාව තුළ වර්ජනය කිරීමේ වෑයමක් තිබේද;
(ii) එසේ නම්, එවැනි වර්ජනයකින් ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-07-24
අසන ලද්දේ
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත හා වාණිජ කටයුතූ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකාව ඇමෙරිකා එක්සත් ජනපදය අතර නිරන්තරයෙන්ම ඉතා සුහදශීලී සබඳතා පවත්නා අතර, ද්විපාර්ශ්වික වෙළෙඳාම සෑම වසරකදීම අඛණ්ඩව වර්ධනය වෙමින් පවතී. දෙරට අතර වෙළෙඳ හා ආයෝජන කටයුතු පහසුකරණය හා ප්‍රවර්ධනය සඳහා වෙළෙඳාම හා ආයෝජනය පිළිබඳ මූලික ගිවිසුම - TIFA - 2002 වර්ෂයේදී අත්සන් කරන ලදී. මෙම ගිවිසුම අන්‍යෝන්‍ය වශයෙන් වාසි සැලසෙන වෙළෙඳ හා ආර්ථික කරුණු පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සාකච්ඡාවක් පවත්වාගෙන යාම සඳහා දෙරට රජයන් වෙනුවෙන් මූලික පදනම ලෙස ක්‍රියා කරනු ලැබේ.
කම්කරු සබඳතා, ආර්ථික සංවර්ධන සහ විදේශ කටයුතු වැනි අදාළ රේඛීය ආමාත්‍යාංශ නිරතුරුව විමසමින් මාගේ අමාත්‍යාංශය විසින් 2012 ජූනි මාසයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන US-GSP Country Practice Petition විධිමත් ලෙස නිමාවට පත් කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද බලධාරින් සමඟ සාකච්ඡා කරන ලදී.
එමඟින් සුදුසු නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ තීරු බදු රහිත ප්‍රවේශ හිමිකම සුරක්ෂිත කිරීම සඳහාත් කටයුතු කර ඇත.
(ii) ඇමෙරිකා එක්සත් ජනපදය සියයට 23කට අධික අපනයන ප්‍රමාණයක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ කේවල විශාලතම අපනයනකරු බවට අඛණ්ඩව පත් වෙමින් සිටියි. ඇමෙරිකා එක්සත් ජනපදය වෙත ශ්‍රී ලංකාවේ අපනයනයන් 2011 වසරට සාපේක්ෂව 2012 වසරේදී සියයට 13.76ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන ලදී. 2012 වසරේ වෙළෙඳ සංඛ්‍යා ලේඛනවලට අනුව, ඇමෙරිකා එක්සත් ජනපදය සඳහා ශ්‍රී ලංකාවේ අපනයන වටිනාකම රුපියල් බිලියන 269.8ක් විය.
2012 වසරේදී ශ්‍රී ලංකාව වෙත කරන ලද ආනයන වටිනාකම රුපියල් බිලියන 29.8ක් වූ අතර වෙළෙඳ ශේෂය නිරන්තරයෙන්ම ශ්‍රී ලංකාවට වාසිසහගත ලෙස පැවතී ඇත. 2012 වසරේදී එය රුපියල් බිලියන 240ක් විය.
(iii) 2012 වසරේ දී ඇමෙරිකා එක්සත් ජනපදය සඳහා අපනයන වටිනාකම රුපියල් බිලියන 269.8ක් වූ අතර එම කාල පරිච්ඡේදයේ දී ආනයන වටිනාකම රුපියල් බිලියන 29.8ක් විය. 2013 වසරේ අප්‍රේල් දක්වා අපනයන වටිනාකම රුපියල් බිලියන 91ක් වූ අතර එම කාල පරිච්ඡේදයේ දී ආනයන වටිනාකම රුපියල් බිලියන 13.5ක් විය.
(ආ) (i) නැත.
(ii) පැන නොනඟී.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-11-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks