පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1285/2024
ගරු කිංස් නෙල්සන් මහතා,— ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවය කරනු ලබන භෞත චිකිත්සකවරුන් සංඛ්‍යාව කොපමණද;
(ii) එම එක් එක් භෞත චිකිත්සකවරයාගේ නම හා ලිපිනය වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) ඉහත සඳහන් භෞත චිකිත්සකවරුන්ගේ රාජකාරි ස්වභාවය කවරේද;
(iv) ඔවුන්ට ගෙවනු ලබන වැටුප් හා වෙනත් දීමනා කවරේද;
(v) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන පසුබෑම මගහරවා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-03-19
අසන ලද්දේ
ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ක්‍රීඩා හා යෞවන කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
(අ) (i) 07කි.
(ii) මෙම භෞත චිකිත්සකවරුන් සියලුදෙනාම සේවා නියුක්ත ගිවිසුමක් යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම්ගත වී ඇති නිසාවෙන් ඔවුන්ගේ තොරතුරුවල රහස්‍යභාවය රැකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු යුතුකමක් වන බැවින් නිසි නීතිමය ක්‍රියාමාර්ගයකින් තොරව එම තොරතුරු තෙවන පාර්ශවයක් සඳහා අනාවරණය කළ නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සඳහන් කර ඇත.
(iii) · ශ්‍රී ලංකාව හා සම්බන්ධ සියලුම ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ආබාධ කළමනාකරණය අධීක්ෂණය කිරීම.
(iv) මෙම භෞත චිකිත්සකවරුන් සියලු දෙනාම සේවා නියුක්ත ගිවිසුමක් යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම් ගත වී ඇති නිසාවෙන් ඔවුන්ගේ තොරතුරුවල රහස්‍යභාවය රැකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු යුතුකමක් වන බැවින් නිසි නීතිමය ක්‍රියාමාර්ගයකින් තොරව එම තොරතුරු තෙවන පාර්ශ්වයක් සඳහා අනාවරණය කළ නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සඳහන් කර ඇත.
(v) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ කාර්යය සාධන අංශය විසින් විවිධාකාර වැඩ පිළිවෙළ සකස් කර ඇති අතර දැනට ක්‍රියාත්මක කරමින් පවතින බවද සඳහන් කර ඇත. (එම වැඩසටහන් පිළිබඳව ඇමුණුම 01 සිට ඇමුණුම 05 දක්වා සඳහන් කර ඇත.) ඇමුණුම් සභාගත* කරමි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-06-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks