පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1281/2024
ගරු ඩබ්ලිව්.එච්.එම්. ධර්මසේන මහතා,— නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2015 සිට මේ දක්වා නාගරික සංවර්ධන අධිකාරිය විසින් මොනරාගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;
(ii) එම එක් එක් ව්‍යාපෘතියේ නම සහ ඒ සදහා වැය කරන ලද මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම ව්‍යාපෘති අතරින් මේ වනවිට වැඩ අවසන් කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව හා ඒවායේ නම් කවරේද;
(iv) මේ වනවිට වැඩ අවසන් කර නොමැති ව්‍යාපෘති සංඛ්‍යාව හා ඒවායේ නම් කවරේද;
(v) එම ව්‍යාපෘතිවල වැඩ අවසන් නොකිරීමට හේතු කවරේද;
(vi) ඒවායේ වැඩ කඩිනමින් අවසන් කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-03-21
අසන ලද්දේ
ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
නාගරික සංවර්ධන හා නිවාස
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
(අ) (i) 15යි.
(ii) වර්ෂ 2015 සිට මේ දක්වා නාගරික සංවර්ධන අධිකාරිය විසින් මොනරාගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති සහ ඒ සඳහා වැය කරන ලද මුදල වෙන් වෙන් වශයෙන්
|
01 |
මොනරාගල පොදු වෙළෙඳ සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතිය |
රුපියල් මිලියන 58.59 |
|
02 |
බිබිල පොදු වෙළෙඳ සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතිය |
රුපියල් මිලියන 49.10 |
|
03 |
වැල්ලවාය පොදු වෙළෙඳ සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතිය |
රුපියල් මිලියන 74.84 |
|
04 |
නීල හරිත උද්‍යාන ව්‍යාපෘතිය - මොනරාගල |
රුපියල් මිලියන 27.08 |
|
05 |
නීල හරිත උද්‍යාන ව්‍යාපෘතිය - වැල්ලවාය |
රුපියල් මිලියන 27.11 |
|
සියක් නගර සංවර්ධන ව්‍යාපෘති |
||
|
06 |
ඔක්කම්පිටිය නගර මධ්‍ය සංවර්ධන ව්‍යාපෘතිය |
රුපියල් මිලියන 16.37 |
|
07 |
වැල්ලවාය නගර මධ්‍ය සංවර්ධන ව්‍යාපෘතිය |
රුපියල් මිලියන 16.64 |
|
08 |
ඇතිමලේ නගර මධ්‍ය සංවර්ධන ව්‍යාපෘතිය |
රුපියල් මිලියන 16.81 |
|
09 |
තණමල්විල නගරයේ භූමි අලංකරණ ව්‍යාපෘතිය |
රුපියල් මිලියන 13.63 |
|
10 |
සෙවනගල ඩංඩුම මංසන්ධිය සංවර්ධන ව්‍යාපෘතිය |
රුපියල් මිලියන 12.77 |
|
11 |
කතරගම හරිත බිම් තීරුව සංවර්ධන ව්‍යාපෘතිය |
රුපියල් මිලියන 16.81 |
|
12 |
කතරගම ප්‍රවේශ චතුරශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය |
රුපියල් මිලියන 400 |
|
13 |
කතරගම කිරිවෙහෙර ආසන්නයේ පිහිටි ගුවන් අංගණය අසල කඩ කාමර 14 ඉදිකිරීමේ ව්‍යාපෘතිය |
|
|
14 |
මහසෙන් විහාරය, සෙල්ලකතරගම භූමි අලංකරණ ව්‍යාපෘතිය |
|
|
15 |
සෙල්ලකතරගම මහජන උද්‍යානය ඉදිකිරීම හා භූමි අලංකරණ ව්‍යාපෘතිය |
|
(iii) ව්‍යාපෘති 14ක් අවසන් කර ඇත. එය පහත පරිදි වේ.
වර්ෂ 2015 සිට මේ දක්වා නාගරික සංවර්ධන අධිකාරිය විසින් මොනරාගල දිස්ත්‍රික්කයේ නිම කරන ලද ව්‍යාපෘති
1. මොනරාගල පොදු වෙළඳ සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතිය.
2. බිබිල පොදු වෙළඳ සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතිය.
3. වැල්ලවාය පොදු වෙළඳ සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතිය.
4. නීල හරිත උද්‍යාන ව්‍යාපෘතිය - මොනරාගල
5. නීල හරිත උද්‍යාන ව්‍යාපෘතිය - වැල්ලවාය
6. ඔක්කම්පිටිය නගර මධ්‍ය සංවර්ධන ව්‍යාපෘතිය
7. වැල්ලවාය නගර මධ්‍ය සංවර්ධන ව්‍යාපෘතිය
8. ඇතිමලේ නගර මධ්‍ය සංවර්ධන ව්‍යාපෘතිය
9. තණමල්විල නගරයේ භූමි අලංකරණ ව්‍යාපෘතිය
10. සෙවනගල ඩංඩුම මංසන්ධිය සංවර්ධන ව්‍යාපෘතිය
11. කතරගම හරිත බිම් තීරුව සංවර්ධන ව්‍යාපෘතිය
12. කතරගම ප්‍රවේශ චතුරශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය
13. මහසෙන් විහාරය, සෙල්ලකතරගම භූමි අලංකරණ ව්‍යාපෘතිය
14. සෙල්ලකතරගම මහජන උද්‍යානය ඉදිකිරීම හා භූමි අලංකරණ ව්‍යාපෘතිය
(iv) 01යි. කතරගම කිරිවෙහෙර ආසන්නයේ පිහිටි ගුවන් අංගනය අසල කඩ කාමර 14 ඉදිකිරීමේ ව්‍යාපෘතිය.
(v) අරමුදල් නොමැති වීම.
(vi) අරමුදල් ලද විටදී අවශ්‍ය පියවර ගැනීමට තීරණය කර ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-06-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු තේනුක විදානගමගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks