පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1280/2024
ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2015 සිට මේ දක්වා මොනරාගල දිස්ත්‍රික්කයේ මුළු විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාව සහ විදුලිය විසන්ධි කරන ලද විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) විදුලිය විසන්ධි කිරීමෙන් පසුව නැවත සම්බන්ධතාවය ලබා දීමෙන් ලංකා විදුලිබල මණ්ඩලය උපයන ලද ආදායම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) විදුලිය ඒකකයක මිල සම්බන්ධයෙන් ගැනීමට අපේක්ෂිත ඉදිරි ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-03-07
අසන ලද්දේ
ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
(අ) (i) මොනරාගල දිස්ත්‍රික්කයේ මුළු විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාව සහ විදුලිය විසන්ධි කරන ලද විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් පහත පරිදි වේ.
|
වර්ෂය |
මොනරාගල දිස්ත්‍රික්කයේ විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාව |
විසන්ධි කරන ලද ගිණුම් ගණන |
|
2015 |
116,303 |
1,865 |
|
2016 |
122,484 |
1,321 |
|
2017 |
140,008 |
2,137 |
|
2018 |
144,418 |
2,530 |
|
2019 |
149,062 |
6,292 |
|
2020 |
146,236 |
1,456 |
|
2021 |
151,451 |
1,217 |
|
2022 |
154,893 |
1,045 |
|
2023 |
158,037 |
1,211 |
|
2024 ජනවාරි |
158,359 |
305 |
|
එකතුව |
1,441,251 |
19,379 |
ඒ අනුව 2019 වර්ෂයේදී තමයි වැඩිම ගිණුම් සංඛ්‍යාවක් විසන්ධි කරලා තිබෙන්නේ. ඒ ප්‍රමාණය 6,292ක්.
(ii) විදුලිය විසන්ධි කිරීමෙන් පසුව නැවත සම්බන්ධතාව ලබා ගැනීම සඳහා පාරිභෝගිකයන් විසින් ලංකා විදුලිබල මණ්ඩලය වෙත ගෙවන ලද හිඟ මුදල් සහ විසන්ධි කිරීම හා නැවත සම්බන්ධතාව ලබා දීම සඳහා වන පිරිවැය ගාස්තුද ඇතුළත්ව එකතු වූ මුළු මුදල, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් පහත පරිදි වේ.
|
වර්ෂය |
හිඟ මුදල් සහ විසන්ධි කිරීම හා නැවත සම්බන්ධතාව ලබා දීම සඳහා වන පිරිවැය ගාස්තු ද ඇතුළත්ව එකතු වූ මුළු මුදල |
|
2015 |
2,024,900.00 |
|
2016 |
1,454,900.00 |
|
2017 |
2,351,979.60 |
|
2018 |
3,025,900.00 |
|
2019 |
7,865,000.00 |
|
2020 |
1,819,710.00 |
|
2021 |
1,731,250.00 |
|
2022 |
3,132,500.00 |
|
2023 |
3,697,864.77 |
|
2024 ජනවාරි |
915,000.00 |
|
එකතුව |
28,019,004.37 |
ඒ අනුව 2019 වර්ෂයේ තමයි වැඩිම මුදල වන රුපියල් 7,865,000ක් එකතු කරගෙන තිබෙන්නේ.
(iii) විදුලි ගාස්තු සංශෝධනයේ දී පහත සඳහන් කරුණු මත විදුලි ඒකකයක මිල අඩු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇත.
වියදම් අඩු කිරීම සඳහා පහත ක්‍රියා මාර්ග ගෙන ඇත:
ඉහත කරුණු සැලකිල්ලට ගෙන 2024 විදුලි ගාස්තු සංශෝධනයේදී 2024.03.04 දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි විදුලි ගාස්තු සමස්ත වශයෙන් සියයට 21.9ක් අඩු කර ඇත.
(ආ) සියලු තොරතුරු ඉහත දක්වා ඇති බැවින් අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-03-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කංචන විජේසේකර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks