පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1253/2024
ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2015 සිට මේ දක්වා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සංඛ්‍යාව කොපමණද ;
(ii) බලපත්‍ර නිකුත් කිරීමේදී එම කාර්යාංශය විසින් අනුගමනය කරනු ලබන ක්‍රමවේදය කවරේද;
(iii) බලපත්‍ර නිකුත් කිරීමේදී එම ක්‍රියාවලියේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල වන බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී ඇති බව දන්නේද;
(iv) එසේ නම්, බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
(v) මේ වනවිට දූෂිත ආයතනයක් බවට පත් වී ඇති ඉහත ආයතනය, එම තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-04-09
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
(අ) (i) භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මඟින් ගවේෂණ බලපත්‍ර, ශිල්පීය කැණීම් ඒ (AML A), ශිල්පීය කැණීම් බී (AML B), කාර්මික කැණීම් ඒ (IML A), කාර්මික කැණීම් බී (IML B), කාර්මික කැණීම් සී (IML C), කාර්මික කැණීම් ඩී (IML D), වෙළඳ බලපත්‍ර ඒ (TDL A), වෙළඳ බලපත්‍ර බී (TDL B), වෙළඳ බලපත්‍ර සී (TDL C) ලෙස බලපත්‍ර නිකුත් කරන අතර, (වගුව 01) මඟින් වර්ෂ 2015 සිට 2023 දක්වා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් නිකුත් කර ඇති එම බලපත්‍ර සංඛ්‍යාව පහත පරිදි ඉදිරිපත් කරමි.
වගුව 01:
|
වර්ෂය |
නිකුත් කර ඇති බලපත්‍ර ප්‍රමාණය |
|
2015 |
8,606 |
|
2016 |
8,606 |
|
2017 |
8,944 |
|
2018 |
10,358 |
|
2019 |
10,376 |
|
2020 |
10,805 |
|
2021 |
10,097 |
|
2022 |
8,056 |
|
2023 |
7,795 |
|
එකතුව |
83,643 |
ඊට අමතරව, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මඟින් ප්‍රවාහන හා අපනයන බලපත්‍ර ද නිකුත් කරනු ලැබේ. වර්ෂ 2015 සිට 2023 දක්වා නිකුත් කර ඇති එම බලපත්‍ර ප්‍රමාණය වගුව 02 මඟින් පහත පරිදි ඉදිරිපත් කරමි.
වගුව 02:
|
වර්ෂය |
නිකුත් කර ඇති ප්‍රවාහන බලපත්‍ර ප්‍රමාණය |
නිකුත් කර ඇති අපනයන බලපත්‍ර ප්‍රමාණය |
|
2015 |
578,733 |
491 |
|
2016 |
578,733 |
491 |
|
2017 |
836,061 |
582 |
|
2018 |
999,772 |
623 |
|
2019 |
1,069,093 |
675 |
|
2020 |
684,727 |
573 |
|
2021 |
744,103 |
575 |
|
2022 |
560,803 |
666 |
|
2023 |
378,285 |
576 |
|
එකතුව |
6,430,310 |
5,252 |
(ii) කාර්යාංශය කාණ්ඩ 05ක් යටතේ බලපත්‍ර නිකුත් කරනු ලබයි. එනම්,
1. ගවේෂණ බලපත්‍ර
2. අපනයන බලපත්‍ර
3. කැණීම් බලපත්‍ර
4. ගබඩා බලපත්‍ර
5. ප්‍රවාහන බලපත්‍ර
මෙම පස් ආකාර බලපත්‍ර නිකුත් කිරීම සඳහා කාර්යාංශය විසින් අනුගමනය කරනු ලබන ක්‍රම වෙන් වෙන් වශයෙන් හඳුනාගත හැක.
ගවේෂණ බලපත්‍ර - යම් ප්‍රදේශයක පවතින ඛනිජ සංචිතයක සංචිත ප්‍රමාණය හා එහි ගුණාත්මකභාවය හඳුනා ගැනීම සඳහා නිකුත් කරනු ලබන බලපත්‍ර වර්ගය ගවේෂණ බලපත්‍ර වේ. මෙම බලපත්‍රයක් යටතේ අවසර දෙනු ලබන නිශ්චිත ඛනිජ වර්ගය බලපත්‍ර ලත් නිශ්චිත භූමි සීමාව තුළ ගවේෂණය කිරීම සඳහා නෛතික බලය බලපත්‍රලාභියාට හිමි වේ. වර්ග කිලෝමීටර 01ක අවම භූමි සීමාවක සිට වර්ග කිලෝමීටර 100ක උපරිම භූමි සීමාවක් දක්වා ගවේෂණ බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා ප්‍රතිපාදන පවතී.
කාර්යාංශය වෙත නිසි ගාස්තු හා මූලික ලිපි ලේඛන සහිතව ඉදිරිපත් කරන ඉල්ලීම් ලිපියක් පදනම් කරගෙන අදාළ ප්‍රදේශය ගවේෂණය සඳහා විවෘතව පවතී නම්, එම ප්‍රදේශය සඳහා පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතේ 30වන වගන්තිය ප්‍රකාරව අවශ්‍ය වන ආයතනික නිර්දේශ ලබා ගැනීම සඳහා විවෘත කරන සන්නිවේදන ලිපි ගොනුවක් යටතේ ලිපි නිකුත් කිරීම කාර්යාංශය විසින් සිදු කරනු ලබයි.
අදාළ නිර්දේශ ලද පසු එම නිර්දේශ සමඟින් එකී ප්‍රදේශය සඳහා ගවේෂණ බලපත්‍රයක් ලබා ගැනීම සඳහා වන ගවේෂණ අයදුම්පත නිසි ගාස්තු සමඟින් කාර්යාංශය වෙත ඉදිරිත් කළ යුතුය.
ගවේෂණ අයදුම්පත්‍රය භාර ගැනීමෙන් අනතුරුව එම යෝජිත ගවේෂණ ප්‍රදේශය අයදුම්කරු වෙනුවෙන් වෙන් කිරීම සිදු වන අතර, අයදුම්කරු විසින් සපයා ඇති තොරතුරු හා ව්‍යාපෘති වාර්තාව තාක්ෂණික ඇගයීම් කමිටුවක් මඟින් ඇගයීමට ලක් කරනු ලබයි. අනතුරුව එකී කමිටුවේ නිර්දේශ මත අදාළ අයදුම්පත්‍රය සඳහා බලපත්‍ර නිකුත් කිරීම හෝ අදාළ අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප කිරීම කාර්යාංශය විසින් සිදු කරනු ලබයි.
අපනයන බලපත්‍ර - ගවේෂණ බලපත්‍ර යටතේ සහ කාර්යාංශයේ අවසරලත් කැණීම් බලපත්‍ර සමඟ ගිවිසුම්ගතව නිකුත් කොට ඇති TDL/A ඛාණ්ඩයේ ගබඩා බලපත්‍ර හෝ A හෝ B කාණ්ඩයේ කාර්මික කැණීම් බලපත්‍රයක් යටතේ අපනයන බලපත්‍ර නිකුත් කරනු ලැබේ.
මෙහිදී අපනයන බලපත්‍ර නිකුත් කිරීමට අදාළ නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත, ඉන්වොයිසිය, වෙළෙඳ බලපත්‍රය හෝ කැණීම් බලපත්‍රයේ පිටපතක් සහ රාජ්‍ය භාග පෝරමය ඉදිරිපත් කළ යුතුය. ඉන් පසු නියමිත පරිදි රාජ්‍ය භාගය හා බලපත්‍ර ගාස්තු ගෙවීමෙන් අනතුරුව අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය යටතේ අපනයන බලපත්‍ර නිකුත් කරනු ලැබේ.
වෙළෙඳ (ගබඩා) බලපත්‍ර - කාර්යාංශය විසින් නිකුත් කරනු ලබන කැණීම් බලපත්‍රය යටතේ කැණීම් කරනු ලබන ඛනිජ වෙළෙඳාම් / ගබඩා කිරීම සඳහා වෙළෙඳ (ගබඩා) බලපත්‍රය ලබා දීම සිදු කරනු ලබයි. මෙහිදී වෙළෙඳාම් (ගබඩා) කරනු ලබන ඉඩමේ හිමිකාරිත්වයේ කැමැත්ත මත ඛනිජ වෙළෙඳාම් (ගබඩා) කිරීම සඳහා බලපත්‍ර නිකුත් කරනු ලබයි.
ඉඩමේ හිමිකාරිත්වයට අදාළ ලේඛන ද සමඟ නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත කාර්යාංශය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ ගාස්තු ගෙවිය යුතුය. ඉන්පසු අනෙකුත් අදාළ ආයතනවල නිර්දේශ සහ කැණීම් ඉංජිනේරු තාක්ෂණික වාර්තාව ලැබීමෙන් අනතුරුව වෙළෙඳ බලපත්‍රය නිකුත් කරනු ලැබේ.
ප්‍රවාහන බලපත්‍ර - කාර්යාංශය විසින් නිකුත් කරනු ලබන කැණීම් බලපත්‍ර යටතේ කණිනු ලබන ඛනිජ හා වෙළෙඳ බලපත්‍ර යටතේ ගබඩා කොට ඇති ඛනිජ ප්‍රවාහනය සඳහා ප්‍රවාහන බලපත්‍ර නිකුත් කරනු ලබයි.
මෙහිදී ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීමට අදාළ නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත, වලංගු වෙළෙඳ / කැණීම් බලපත්‍රයේ පිටපත හා මුල් පිටපත, මාර්ග භාවිතය සඳහා අවශ්‍ය අනුමැතීන් සමඟ කාර්යාංශය වෙත ඉදිරිපත් කළ යුතුය. ඉන් පසු නියමිත පරිදි රාජ්‍ය භාගය හා බලපත්‍ර ගාස්තු ගෙවීමෙන් අනතුරුව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කරනු ලැබේ.
කැණීම් බලපත්‍ර - කැණීම් බලපත්‍ර නිකුත් කිරීමේදී එය කාර්මික ඛනිජ හා ගොඩනැඟිලි ද්‍රව්‍ය සඳහා වන ඛනිජ වර්ග ලෙස ප්‍රධාන වර්ග දෙකක් යටතේ බලපත්‍ර නිකුත් කරනු ලැබේ.
1992 අංක 33 දරන පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතේ 51 වන වගන්තිය ප්‍රකාරව මෙම සෑම කැණීම් කටයුත්තක්ම ඉඩම් හිමියාගේ කැමැත්ත මත සිදු කළ යුතු අතර, එම කැමැත්ත යටතේ ලබා ගන්නා වූ කැණීම් අයදුම්පත් සඳහා කාර්යාංශයේ පනත ප්‍රකාරව බලපත්‍රයක් නිකුත් කිරීමට අදාළ නීති සහ අභ්‍යන්තර චක්‍රලේඛ අනුව අනෙකුත් ආයතනික නිර්දේශ සඳහා ඉල්ලීම් ලිපි ඉදිරිපත් කරනු ලබයි.
බලපත්‍ර ලබා ගැනීම සඳහා යොමු කරන ලද අයදුම්පත්‍රයට අදාළව ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් ලබා ගැනීමෙන් අදාළ ස්ථානය සඳහා බලපත්‍රයක් නිකුත් කිරීම සම්බන්ධ තාක්ෂණිකමය කරුණු පරීක්ෂා කිරීමක් සිදු කෙරේ.
සියලු තාක්ෂණික, පාරිසරික හා සමාජීය තත්ත්ව පරීක්ෂා කිරීම් සඳහා අදාළ අනෙකුත් ආයතනික නිර්දේශ සම්පූර්ණ වීමෙන් පසුව කාර්යාංශය විසින් නියමිත බලපත්‍ර නිකුත් කිරීම සිදු කරනු ලබයි.
මෙහිදී ගොඩනැඟිලි ද්‍රව්‍ය සඳහා නිකුත් කරනු ලබන කැණීම් බලපත්‍ර ජනාධිපති කාාර්ය සාධක බලකා නිර්දේශ යටතේ සකස් කර ඇති ඉදිකිරීම් කර්මාන්ත සඳහා භාවිතා කරන ඛනිජ කැණීම, ප්‍රවාහනය හා වෙළෙඳාම පිළිබඳ කාර්යය සංග්‍රහයට අනුව නිකුත් කරනු ලැබේ.
(iii) බලපත්‍ර නිකුත් කිරීමේදී එම ක්‍රියාවලියේ ස්වාධීනත්වයට බලපෑම් එල්ලවන බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කළ බවට කාර්යාංශය දැනුවත්ව සිටී.
(iv) බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග:
බලපත්‍ර නිකුත් කිරීමේදී ප්‍රධාන කාර්යාලයේ අනුමැතිය යටතේ පමණක් බලපත්‍ර නිකුත් කිරීම සඳහා මීට පෙර නිකුත් කර තිබූ අංක 226/11/2022 (ඇමුණුම 01) අහෝසි කර, 240/10/2023 හා 2023.10.20 දිනැති නව චක්‍රලේඛය (ඇමුණුම 02) නිකුත් කරන ලදී. මීට අමතරව, භූ සම්පත් පිළිබඳව ජනාධිපති කාර්ය සාධන බලකාය විසින් ලබා දී ඇති නිර්දේශ අනුව කටයුතු කරමින් බලපත්‍ර නිකුත් කිරීමේදී නිර්දේශ ලබාගත යුතු ආයතන සමඟ ඒකාබද්ධව කටයුතු කරමින් බලපත්‍ර නිකුත් කිරීම කඩිනම් කර ඇත.
(v) ඒ සම්බන්ධව ඇති වන අක්‍රමිකතා අවම කිරීමට කාර්යාංශය මඟින් මේ වන විට පියවර රාශියක් ගෙන ඇත.
01 සිට 05 දක්වා වන ඇමුණුම් සභාගත* කරමි.
(ආ) කාර්යාංශය විසින් දන්වා ඇත.
පිළිතුරු දුන් දිනය
2024-07-12
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks