01

E   |     |  

 දිනය: 2024-03-21   පිළිතුර ලබා දී ඇත 

1252/2024: පෞද්ගලික බටහිර වෛද්‍ය අධ්‍යාපනය: ප්‍රවර්ධනය

1252/2024

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ලෝකයේ බොහෝ රටවල් මේ වනවිට පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ප්‍රවර්ධනය කරනු ලබන බව දන්නේද;

             (ii)       බටහිර වෛද්‍ය අධ්‍යාපනය ලබා දෙනු ලබන ශ්‍රී ලංකාවේ ඇති පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතන සංඛ්‍යාව කොපමණද;

(iii) එම ආයතනවල නම් කවරේද;

(iv) ඉහත සඳහන් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන සිසුන්ට අවශ්‍ය සායනික පුහුණුව සඳහා පවතින රජයේ ශික්ෂණ රෝහල් සංඛ්‍යාව කොපමණද;

(v) එම රෝහල්වල නම් කවරේද;

(vi) ශ්‍රී ලංකා‍වේ පෞද්ගලික බටහිර වෛද්‍ය අධ්‍යාපනය දියුණු කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-03-21

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)           (i)       දැනුවත්ව සිටිමි.

               (ii)       1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25(අ) වන වගන්තිය යටතේ බටහිර වෛද්‍ය අධ්‍යාපනය ලබා දීම සඳහා පිළිගත් උසස් අධ්‍යාපන ආයතන නොමැත.

              (iii)      පැන නොනඟී.

              (iv)       පැන නොනඟී.

               (v)      පැන නොනඟී.

              (vi)      යම්කිසි උසස් අධ්‍යාපන ආයතනයක් බටහිර වෛද්‍ය උපාධි පිරිනැමීමට අදහස් කරන්නේ නම් 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25(අ) වගන්තියෙහි ප්‍රතිපාදන අනුව විෂය සමාලෝචන යෝජනා ඉදිරිපත් කර එම සමාලෝචනයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ  වෛද්‍ය සභාවේ එකඟතාව

ඇතිව උපාධි පිරිනැමීම සඳහා අවස්ථාව පවතී. ඒ අනුව මේ වන විට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක් මඟින් බටහිර වෛද්‍ය උපාධි පිරිනැමීම සඳහා ඉදිරිපත් කර ඇති යෝජනාවක් සමාලෝචන අවස්ථාවේ පවතී.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2024-06-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks