01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

1251/2024: Recommendations of Presidential Commission regarding Mr. Nilantha Jayawardena

1251/2024

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා,— මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)         පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් කර ඇති නිරීක්ෂණ හා නිර්දේශ කවරේද;

(ii) ඔහු පොලිස් පරිපාලන අංශ ප්‍රධානි තනතුරට පත් කරන ලද දිනය, එම තනතුර සඳහා ඔහු නිර්දේශ කරන ලද දිනය සහ එම තනතුරට ඔහු නිර්දේශ කරන ලද පුද්ගලයන්ගේ හා ආයතනවල නම් වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ඉහත නිලධාරියා එම තනතුරට පත් කිරීම සඳහා බලපෑ සාධක කවරේද;

(iv) ඉහත පත් කිරීම, නැවත සලකා බැලීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-03-07

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks