01

E   |     |  

 දිනය: 2024-07-12   පිළිතුර ලබා දී ඇත 

1247/2024: යෝජිත ඒකාබද්ධ කම්කරු නීති ප්‍රතිසංස්කරණ: ප්‍රගතිය සහ ඇතුළත් කර ඇති ප්‍රතිපාදන

----

අසන ලද දිනය

2024-07-12

අසන ලද්දේ

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

කම්කරු හා විදේශ රැකියා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      කම්කරු දෙපාර්තමේන්තුව විසින් වර්තමානයේ වෙන වෙනම ක්‍රියාත්මක කරන පහත සඳහන් පනත් 13ක් වෙනුවට නව රැකියා පනතක් හඳුන්වාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමෙන් පසු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ, නීතිපති දෙපාර්තමේන්තුවේ සහ කම්කරු දෙපාර්තමේන්තුවේ නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් මඟින් සකස් කරන ලද දළ කෙටුම්පතක් මේ වන විට නීති කෙටුම්පත් සම්පාදක වෙත නව රැකියා නීතියක් සකස් කිරීම සඳහා යොමු කිරීමට කටයුතු කර ඇත.

01. 1935 අංක 14 දරන වෘත්තීය සමිති ආඥා පනත

02. 1939 අංක 32 දරන ප්‍රසූතිකාගාර ආඥා පනත

03. 1941 අංක 27 දරන පඩිපාලක සභා ආඥා පනත

04. 1942 අංක 45 දරන කර්මාන්තශාලා ආඥා පනත

05. 1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනත

06. 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල (සේවා නියුක්තිය හා වැටුප් විධිමත් කිරීමේ) පනත

07. 1956 අංක 47 දරන කාන්තාවන් තරුණයින් හා ළමයින් සේවයෙහි යෙදවීම පිළිබඳ පනත

08. 1971 අංක 45 දරන සේවය අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත

09. 1983 අංක 12 දරන පාරිතෝෂික ගෙවීම් පනත

10. 2005 අංක 36 දරන සේවකයින්ගේ අයවැය සහන දීමනා පනත

11. 2016 අංක 04 දරන සේවකයින්ගේ අයවැය සහන දීමනා පනත

12. 2016 අංක 03 දරන ජාතික අවම වැටුප පනත

13. 2021 අංක 28 දරන සේවා නියුක්තයන් විශ්‍රාම යෑමේ අවම වයස පනත

 

(ii) නීති කෙටුම්පත් සම්පාදක විසින් නව රැකියා නීති කෙටුම්පතට අදාළව සකස් කරන ලද මූලික කෙටුම්පතේ කොටසක් පමණක් පරීක්ෂා කර නිරීක්ෂණ ලබාදීමට කම්කරු කොමසාරිස් ජනරාල් වෙත දැනට යොමු කර ඇති අතර, ඒ සඳහා නීති කෙටුම්පත් සම්පාදක සමඟ සාකච්ඡාවක් සඳහා කම්කරු කොමසාරිස් ජනරාල් ඇතුළු නිලධාරින් සහභාගීවීමට කටයුතු කර ඇත. නීති කෙටුම්පත් සම්පාදක විසින් යෝජිත නව රැකියා කෙටුම්පත සම්පූර්ණයෙන් සකස් කිරීමෙන් පසු ගරු නීතිපතිතුමාගේ ද අනුමැතිය ලබාගෙන මෙම වසර අවසන්වීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකි වනු ඇත.

(iii) iiහි සඳහන් පිළිතුර අදාළ වේ.

 

(ආ) (i) ශ්‍රම බලකාය තුළ කාන්තා සහභාගීත්වය වැඩි කිරීම සඳහා නව ප්‍රතිපාදන යෝජිත නව රැකියා නීතියට ඇතුළත් කර ඇත.

(ii) 1. දැනට කම්කරු නීතියේ කාන්තා සේවිකාවන්ට අතිකාල සේවයේ යෙදවීමට පවතින සීමාවන් ලිහිල් කිරීම.

2.  දැනට කම්කරු නීතියේ කාන්තා සේවිකාවන්ට රාත්‍රී සේවයේ යෙදවීමට පවතින සීමාවන් කොන්දේසිවලට යටත්ව ලිහිල් කිරීම. එම කොන්දේසි නම්,

 

-  ප්‍රවාහන පහසුකම් ලබාදීම.

-  ප්‍රවාහන දීමනා දීම.

-  කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම.

3.  අර්ධ කාලීන රැකියාවල යෙදීම සඳහා නෛතික ප්‍රතිපාදන ඇති කිරීම.

4.  නිවසේ සිට වැඩ කිරීමට අදාළ (work from remote location) නෛතික ප්‍රතිපාදන ඇතුළත් කර තිබීම.

5.  ප්‍රචණ්ඩත්වය හා ලිංගික හිංසනය වැළැක්වීම සඳහා ප්‍රතිපාදන ඇතුළත් කර තිබීම.

6.  ගෘහ සේවය කම්කරු නීතියෙන් ආවරණය කිරීම.

7.  නම්‍යශීලී වැඩ මුර ක්‍රමයක් හඳුන්වා දී තිබීම.

(iii) අදාළ නොවේ.

 

(ඇ) (i) සේවකයෙකුට දින 5 1/2ක් සතියකට වැඩ කිරීමෙන් පසු ලබා දිය යුතු දැනට නීතියේ සඳහන් දින 1 1/2ක සති නිවාඩුව වෙනුවට සේව්‍ය සේවක පාර්ශ්වයේ එකඟතාව මත සතියේ කෙටි වැඩ කරන දිනයකට වැඩ කළ යුතු පැය 5ක කාලය සතියේ සාමාන්‍ය දින 5 තුළ අතිකාල රහිතව වැඩියෙන් පැයක් වැඩ කර දින 2ක නිවාඩුවක් ලබා ගැනීමට නීතිමය ප්‍රතිපාදන ඇති කිරීම. සම්පිණ්ඩන (compressed work week) වැඩ සතියක් හඳුන්වා දීම. මෙම නීතිමය ප්‍රතිපාදනය මඟින් කෑම පැය සහිතව පැය 12ක උපරිම කාලයකට යටත්ව දිනකට වැඩ කර, සතියකට වැඩ කළ යුතු පැය 45ක සහ දින 5 1/2 ක සේවා කාලය දින 4කදී ආවරණය කර දින 3ක විවේක කාලයක් ලබා ගැනීමට අවස්ථාව ලබා දීම. අර්ධ කාලීන (part-time) වැඩ කිරීම සඳහා ප්‍රතිපාදන ඇතුළත් කිරීම.

(ii) ඔව්.

(iii) අවිධිමත් අංශයේ කාන්තා ශ්‍රමිකයන් ඇතුළු සියලුම ශ්‍රමිකයන් ආවරණය කිරීම සඳහා "ගරු සරු" (dignity of labour) නමින් නව ක්‍රමවේදයක් හඳුන්වා දීම.

 

(ඈ)   පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2024-07-12

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks