පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1243/2024
ගරු කුමාරසිරි රත්නායක මහතා,— සංචාරක හා ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මොනරාගල දිස්ත්‍රික්කයේ, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් ප්‍රමාණය කොපමණද;
(ii) එම ඉඩම් අතරින් මේ වනවිට ජනතාව අතර බෙදා දී ඇති ඉඩම් ප්‍රමාණය කොපමණද;
(iii) ඉහත (ii)හි සඳහන් ඉඩම් ප්‍රමාණය එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ජනතාව අතර බෙදා දී ඇති ඉඩම් සඳහා මේ වනවිට ඔප්පු ලබා දී තිබේද;
(ii) එසේ නම්, වර්ෂ 2021 සිට මේ දක්වා පදිංචිකරුවන් සහ වගාකරුවන් වෙත ලබා දී ඇති ඔප්පු සංඛ්‍යාව සහ ඊට අදාළ ඉඩම් ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ඔප්පු ලබා දී නොමැති ඉඩම් සඳහා ඉදිරියේදී ඔප්පු ලබා දීමට කටයුතු කරන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-03-22
අසන ලද්දේ
ගරු කුමාරසිරි රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
සංචාරක හා ඉඩම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) අක්කර 6,439ක් පමණ වේ. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ නිර්දේශ යටතේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතුව පැවතිය යුතු ඉඩම් ප්‍රමාණය හඳුනා ගැනීම සඳහා ඉඩම් ලේඛනයක් දිස්ත්‍රික් මට්ටමින් පිළියෙල කරමින් පවතී. ඒ අනුව සපයා ගත් තොරතුරු මත පදනම්ව මෙම බිම් ප්‍රමාණය සංඛ්‍යාත්මකව හඳුනා ගනු ලැබ ඇති අතර, වර්තමානයේ ක්ෂේත්‍ර පරීක්ෂණ කටයුතු මඟින් භෞතිකව හඳුනා ගැනීම සිදු කෙරේ.
(ii) අක්කර 5680 රූඩ් 3 පර්චස් 2.66කි.
(iii)
|
අනු අංකය |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
අක්කර |
රූඩ් |
පර්චස් |
|
1 |
මොනරාගල |
2,694 |
1 |
20.21 |
|
2 |
බඩල්කුඹුර |
1,741 |
2 |
06.74 |
|
3 |
මැදගම |
137 |
3 |
28.91 |
|
4 |
බිබිල |
00 |
3 |
26.80 |
|
5 |
වැල්ලවාය |
868 |
1 |
19.71 |
|
6 |
බුත්තල |
145 |
3 |
07.69 |
|
7 |
සියඹලාණ්ඩුව |
86 |
1 |
21.55 |
|
8 |
මඩුල්ල |
05 |
1 |
31.05 |
|
එකතුව |
5,680 |
3 |
2.66 |
|
(ආ) (i) ඔව්.
(ii)
|
වර්ෂය |
අක්කර |
රූඩ් |
පර්චස් |
ඔප්පු ලබා දී ඇති සංඛ්‍යාව |
|
2021 |
14 |
1 |
28.86 |
19 |
|
2022 |
91 |
1 |
20.54 |
104 |
|
2023 |
3 |
1 |
11.34 |
15 |
|
එකතුව |
109 |
0 |
20.74 |
138 |
කට්ටිලාභීන්ගේ නාම ලේඛනය ඇමුණුමෙහි** දක්වා ඇත.
(iii) ගැටලුවකින් තොරව ඔප්පු ලබා දිය හැකි ඉඩම් කොටස් සඳහා ඉදිරියේදී ඔප්පු ලබා දීමට කටයුතු කළ හැක.
(ඇ) (i) වර්තමානයේ පදිංචිව හෝ බුක්ති විඳිනු ලබන ඉඩම් කොටස් සඳහා ඔප්පු ලබා දීමේදි අනුගමනය කරනු ලබන්නේ 2021/01 චක්‍රලේඛයයි. එම චක්‍රලේඛයේ විධිවිධානවලට අනුව කටයුතු කිරීමේදී 2010.12.31 දිනට පෙර පදිංචිය හෝ බුක්තිය තහවුරු කිරීමට ලේඛන ඉදිරිපත් කිරීමට නොහැකි වීමෙන් ඔප්පු ලබා දීමට නොහැකිව ඇත.
(ii) බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කන්දහේන වත්ත නැමති ඉඩමට අදාළව නඩු අංක CAW/399/2022 හා 2022.10.31 දිනැතිව අභියාචනාධිකරණ නඩුවක් පවරා වාරණ නියෝගයක් නිකුත් කර ඇත.
(iii) ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මඟින් විකුණුම්කර ඔප්පුවක් ලබා දෙන බැවින් ඊට අදාළ තක්සේරු වටිනාකම පදිංචි හෝ බුක්ති විඳින්නන්ගේ පදිංචි කාල සීමාව පදනම්ව මෙම කොමිෂන් සභාවේ අනුමත චක්‍රලේඛ විධිවිධාන අනුව (පර්චස් එකකට :- රුපියල් 100, රුපියල් 200, රුපියල් 500, රුපියල් 1,000, රුපියල් 2,000 ආදී වශයෙන්) ගෙවිය යුතුය. එම වටිනාකම නොගෙවීම මත ඔප්පු ලබා දීමට නොහැකිව ඇත.
(iv) අවිධිමත් ආකාරයට ඉඩම් කොටස් පුද්ගලයන් අතර මුදලට හුවමාරු වීම තුළද ඔප්පු ලබා දීමට නොහැකිව ඇත.
(v) ජනාධිපති ලේකම් කාර්යාලය විසින් 2023.05.25 දිනැතිව සියලුම බැහැර කිරීම් තාවකාලිකව අත්හිටුවන ලෙස උපදෙස් ලබා දී තිබීම මත ඉදිරිපත් වන අයදුම්කරුවන් වෙත ඔප්පු ලබා දීම සම්බන්ධයෙන් එම කාර්යාලය දැනුවත් කර පියවර ගත යුතුව පැවතීම.
පිළිතුරු දුන් දිනය
2024-05-14
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks