01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

1242/2024: Cadre of Sri Lanka Police Officers

1242/2024

ගරු කුමාරසිරි රත්නායක මහතා,—  මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ශ්‍රී ලංකාවේ මේ වනවිට පිහිටුවා ඇති ඇති පොලිස් ස්ථාන සංඛ්‍යාව කොපමණද;

             (ii)       ඉහත පොලිස් ස්ථානවලට හා වෙනත් රාජකාරිවලට යොදවා ඇති පොලිස් නිලධාරින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) මේ වනවිට ශ්‍රී ලංකා පොලිස් සේවයේ පුරප්පාඩු පවතී නම්, එම පුරප්පාඩු සංඛ්‍යාව එක් එක් තනතුර අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා ‍මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් නිලධාරින්  සංඛ්‍යාව කොපමණද;

(ii) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැර වෙනත් පුද්ගලයන්ගේ හෝ ආයතනවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් යොදවා තිබේද;‍

  (iii) එසේ නම්, එම සංඛ්‍යාව එක් එක් පුද්ගලයා/ආයතනය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-03-19

අසන ලද්දේ

ගරු කුමාරසිරි රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks