logo

03

E   |     |  

 දිනය: 2024-03-05   පිළිතුර ලබා දී ඇත 

1220/2024: අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදා හැරීම සඳහා වී මිලදී ගැනීම: මොනරාගල දිස්ත්‍රික්කය

1220/2024

ගරු කුමාරසිරි රත්නායක මහතා,— මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      සමෘද්ධිලාභීන්ට සහ අඩු ආදායම්ලාභීන්ට බෙදා දීම සඳහා 2022 වර්ෂයේ මහ කන්නයේදී මොනරාගල දිස්ත්‍රික්කයේ, රජය විසින් මිලදී ගන්නා ලද වී ප්‍රමාණය කොපමණද;

(ii) ඒ සඳහා මොනරාගල දිස්ත්‍රික්කයට ලබා දෙන ලද මුදල කොපමණද;

(iii) එම මුදලින් වී මිලදී ගැනීම සඳහා වැය කරන ලද මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මිලදී ගන්නා ලද ඉහත වී සහල් බවට පත් කිරීමේදී, වී මෝල් හිමියන් විසින් එම කාර්යය සාර්ථකව ඉටුකිරීමට සමත් වී තිබේද;

(ii) එම සහල් ප්‍රතිලාභීන් වෙත බෙදා දීමේදී අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් එම කාර්යය නිවැරදිව ඉටුකර තිබේද;

යන්නත් එතුමා ‍මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-03-05

අසන ලද්දේ

ගරු කුමාරසිරි රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මෙට්‍රික්ටොන් 9,329.06

              (ii)      රු. මිලියන 1,049.21

             (iii)      රු. මිලියන 933.05

(ආ)         (i)      ඔව්.

                        වී මෝල් හිමියන් විසින් එම කාර්යය සාර්ථකව ඉටු කර ඇත.

              (ii)      ඔව්.

                        සහල් බෙදා දීම කාන්තා, ළමා ‍කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය විසින් සම්බන්ධීකරණය කරන ලද අතර ප්‍රාදේශීය ලේකම් මට්ටමින් නිවැරදිව එම කටයුතු සිදු නොවූ බවට කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැත.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2024-03-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks