පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2024-09-03
අසන ලද්දේ
ගරු නීතිඥ මධුර විතානගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) උසස් අධ්‍යාපන කටයුතු සඳහා ශ්‍රී ලාංකික සිසුන් විදේශගත වීමේදී රාජ්‍ය අංශය මෙන්ම පුද්ගලික අංශය විසින් ද විදේශ විනිමය වැය කරමින් විදේශගත වන බව නිරීක්ෂණය කරමි.
නමුත් පුද්ගලික අංශය/ විශ්වවිද්‍යාල මඟින් ශ්‍රී ලාංකික සිසුන් විදේශගත වීම පිළිබඳ තොරතුරු හෝ වැයවන මුදල් පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශය වෙත නොලැබෙන අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ විදේශගත වන ශ්‍රී ලාංකික සිසුන් සම්බන්ධ තොරතුරු පමණක් පහත පරිදි ඉදිරිපත් කරමි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන විදේශීය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ප්‍රථම හා පශ්චාත් උපාධි සඳහා 2023 වර්ෂයේදී සිසුන් 134දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානයන් හිමි වී ඇති අතර, 2024 වර්ෂය සඳහා 2024.08.21 දින වන විට ශිෂ්‍යත්ව අවස්ථාවන් 194ක් වෙනුවෙන් නාම යෝජනා අදාළ ශිෂ්‍යත්ව ප්‍රදානය කරන විදේශීය රටවල් මේ වන විට යොමු කර ඇත.
ඒ අනුව සාමාන්‍යයෙන් වාර්ෂිකව සිසුන් 120-175 අතර සංඛ්‍යාවක් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා විදේශගත වේ.
උක්ත ශිෂ්‍යත්ව වැඩසටහන් අතරින් කියුබානු ශිෂ්‍යත්ව වැඩසටහන හැරුණු කොට අනෙකුත් සියලු ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා ශ්‍රී ලංකා රජය කිසිදු වැය බරක් නොදරයි.
කියුබානු පූර්ව උපාධි ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා විදේශගත වන සිසුන් වෙනුවෙන් අංක 11/0189/521/003 හා 2011.02.02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව එක් සිසුවෙකුට ඇමෙරිකානු ඩොලර් 15 බැගින් වූ මාසික දීමනාවක් ගෙවීමට මෙම අමාත්‍යාංශය කටයුතු කරනු ලැබේ. ඒ අනුව, කියුබානු ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ අධ්‍යයන කටයුතු සිදු කරමින් සිටින සිසුන් සඳහා 2023 වර්ෂයට අදාළව ඇමෙරිකානු ඩොලර් 1,155ක් (බැංකු ගාස්තු ද ඇතුළත්ව) මෙම අමාත්‍යාංශය විසින් දරා ඇත. මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මේ වනවිට වසරකට එක් පූර්ව උපාධි ශිෂ්‍යත්වයක් පිරිනැමේ.
(ii) 1. ඉන්දියාව
2. හන්ගේරියාව
3. එක්සත් රාජධානිය
4. චීනය
5. කියුබාව
6. ජපානය
7. සර්බියාව
(iii) එම සිසුන් හදාරනු ලබන උපාධි පාඨමාලා පහත පරිදි වේ.
තවද, මෙම ප්‍රදානය කරනු ලබන පාඨමාලා අදාළ ප්‍රදානයන් සිදු කරනු ලබන රටවල් විසින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණයන් මත වෙනස් විය හැක.
(iv) උක්ත උපාධි පාඨමාලා ශ්‍රී ලංකාව තුළ ද හැදෑරිය හැකි වුවත් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ දී පවතින සීමිත අවස්ථාව හේතුවෙන් හා මෙම උපාධි පාඨමාලා ශිෂ්‍යත්ව ප්‍රදානයන් වශයෙන් ශ්‍රී ලාංකික සිසුන්හට හිමි වන අවස්ථාවන් වන බැවින් මෙම උපාධි පාඨමාලා හැදෑරීමට සිසුහු යොමු වෙති.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-09-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks