01

E   |     |  

 දිනය: 2024-06-19   පිළිතුර ලබා දී ඇත 

1154/2024: පුරාවිද්‍යා කැණීම්/සංවර්ධන කටයුතු: විස්තර

----

අසන ලද දිනය

2024-06-19

අසන ලද්දේ

ගරු නීතිඥ මධුර විතානගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      කැණීම් ස්ථාන 02කි.

              (ii)      අම්පාර දීඝවාපිය ස්තූප මලුව කැණීම.

                        වරාය බැටන් බර්ග් කැණීම.

                        (2024.01.01 සිට 2024.06.12 දින වන විට අවසන් කර ඇති කැණීම් පිළිබඳ විස්තර පහතින් ඉදිරිපත් කර ඇත.)

                        2024.01.01 සිට 2024.06.12 දින වන විට අවසන් කර ඇති කැණීම්

අනු අංකය

කැණීමේ නම

කැණීම් ස්වභාවය

ප්‍රතිපාදන මූලාශ්‍ර

01

සමංගල ස්තූප මළුව කැණීම - අම්පාර

ස්මාරකය පාදා ගැනීමේ කැණීම

විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ ප්‍රතිපාදන ලබා දී ඇත.

02

නාගදීපය පුරාවිද්‍යා ස්ථානයේ ප්‍රතිමා ගෘහය කැණීම - බදුල්ල

ස්මාරකය පාදා ගැනීමේ කැණීම

විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ ප්‍රතිපාදන ලබා දී ඇත.

03

ඔවාගිරිය රජමහාවිහාරයේ ස්තූප ගොඩැල්ල පාදා ගැනීමේ කැණීම් ව්‍යාපෘතිය - හම්බන්තොට

ස්මාරකය පාදා ගැනීමේ කැණීම

විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ ප්‍රතිපාදන ලබා දී ඇත.

04

දීඝවාපිය ඔලුවිල් මාර්ගය වතුරට සේදීයාමෙන් මතු වූ ගල් ඇතුරුමෙහි පර්යේෂණ කැණීම - අම්පාර

හානි ඇගයුම් කැණීම (AIA)

භාණ්ඩාගාර ප්‍රතිපාදන

05

ගලේවෙල පත්කොළගොල්ල ස්තූප ගර්භය හඳුනා ගැනීමේ කැණීම - මාතලේ

ස්මාරකය පාදා ගැනීමේ කැණීම

විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ ප්‍රතිපාදන ලබා දී ඇත.

06

පොදු වැසිකිළි පද්ධතියක් ඉදිකිරීම සඳහා හානි ඇගයුම් කැණීම ගාලු කොටුව - ගාල්ල

හානි ඇගයුම් කැණීම (AIA)

ගාලු උරුමය පදනම

07

දඹුල්ල ඇරැවුල හානි ඇගයුම් කැණීම - දඹුල්ල

හානි ඇගයුම් කැණීම (AIA)

ඇරැවුල හොටෙල් (පුද්) සමාගම

08

බණ්ඩාරවෙල පල්ලිය කන්ද ප්‍රාග් ඓතිහාසික භූමිය ගලවා ගැනීමේ කැණීම් - බදුල්ල

ගලවා ගැනීමේ කැණීම් (AIA)

බණ්ඩාරවෙල නගර සභාව

(iii)       ඔව්.

                        අප විසින් සිදු කරනු ලබන කැණීම් සංරක්ෂණය සඳහා වන ප්‍රතිපාදන ඇත.

             (iv)      එවැනි පුරාවිද්‍යා ස්ථාන නොමැත.

              (v)      2024 වර්ෂයේ වාර්ෂික සැලැස්මට අනුව යෝජිත පුරාවිද්‍යා ස්ථාන 06කි. නමුත් හදිසි කැණීම් අවස්ථා ඇති විය හැකිය.

 

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2024-06-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks