පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1152/2024
ගරු නීතීඥ මධුර විතානගේ මහතා,— වාරිමාර්ග අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) උමා ඔය ව්‍යාපෘතියේ වැඩකටයුතු අවසන් කර තිබේද;
(ii) ඒ සඳහා වැය කර ඇති මුදල කොපමණද;
(iii) එම ව්‍යාපෘතිය විවෘත කරනු ලබන දිනය කවරේද;
(iv) එම ව්‍යපෘතිය මඟින් ආවරණය කරනු ලබන ප්‍රදේශ කවරේද;
(v) ඉහත ව්‍යාපෘතිය තුළින් අස්වද්දනු ලබන කුඹුරු ඉඩම් ප්‍රමාණය කොපමණද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-03-21
අසන ලද්දේ
ගරු නීතිඥ මධුර විතානගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
(අ) (i) උමා ඔය ව්‍යාපෘතිය යටතේ විදුලිය උත්පාදනය කිරීම සඳහා ඉහළ නිම්නයේ කළ යුතු සියලුම ඉදිකිරීම් වැඩ අවසන් කර ඇති අතර, පහළ නිම්නයේ වැඩ කටයුතුවලින් සියයට 70ක් පමණ ද නිම කර තිබේ. ඉතිරි වැඩවල ඉදිකිරීම් කරගෙන යනු ලැබේ.
(ii) ඉහළ නිම්නයේ වැඩ සඳහා ඇස්තමේන්තු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 529ක් වන අතර, අද දිනට මුළු වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 512කි. පහළ නිම්නයේ වැඩ සඳහා ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 17,900ක් වන අතර, අද දිනට මුළු වියදම රුපියල් මිලියන 15,900කි.
(iii) මෙම ව්‍යාපෘතියේ විදුලිය උත්පාදනය කිරීම 2024 වර්ෂයේ අප්‍රේල් මස 24වන දින විවෘත කරන ලදී. පහළ නිම්නයේ වැඩ නිමවන ආකාරයට ඒ ඒ කොටස් විවෘත කරනු ලබයි.
(iv) ව්‍යාපෘතිය මඟින් ඍජුවම බදුල්ල, මොනරාගල, හම්බන්තොට යන දිස්ත්‍රික්ක ආවරණය කෙරේ.
(v) මෙම ව්‍යාපෘතිය යටතේ ඉඩම් සංවර්ධනය කිරීමේදී කුඹුරු ඉඩම් ලෙස සංවර්ධනය කිරීම වෙනුවට වගා ඉඩම් ලෙස සංවර්ධනය කිරීම ප්‍රධාන අරමුණක් වන අතර, එම වගා ඉඩම් තුළ වී වගා කිරීම් ද කළ හැකි වන අතර, එසේ වුවත් මෙම වගා ඉඩම් තුළ වාණිජ කෘෂි සංවර්ධන (CAD - Commercial Agriculture Development) හා අපනයන කෘෂිකර්ම සංවර්ධනය - Export Agriculture Development - කෙරෙහි ඉවහල් වන වගාවන් ප්‍රචලිත කිරීමට රජය අපේක්ෂා කෙරේ.
මේ අනුව මෙගාවොට් 120ක ජල විදුලි බලය නිෂ්පාදනයෙන් පසු නිකුත් කෙරෙන ජලය උමා ඔය පහළ නිම්නයේ, එනම් කිරිඳි ඔය ද්‍රෝණිය තුළ අලුතින් තැනීම් කර ඇති අලිකොට ආර ජලාශයට ලැබීමෙන් පසු එම ජලය උපයෝගී කරගෙන පහළ නිම්නයේ මොනරාගල දිස්ත්‍රික්කය තුළ තිබෙන වැල්ලවාය/තණමල්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අයත් වගා ඉඩම් සහ බදුල්ල දිස්ත්‍රික්කය තුළ තිබෙන හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අයත් වගා ඉඩම් මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ තිබෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අයත් ඉඩම් වශයෙන් සම්පූර්ණ වගා බිම් අක්කර 21,000ක්, එනම් අලුතින් ඉඩම් අක්කර 10,000ක් හා එක කන්නයක් වගා කරමින් තිබූ ඉඩම් අක්කර 11,000ක් තුළ දෙකන්නයම වගා කිරීමට අවශ්‍ය ජලය ලබා දීමට හැකි වන පරිදි පහළ නිම්නයේ සංවර්ධන කටයුතු ඉටු කරමින් සිටී.
මේ අනුව කටයුතු කිරීම සඳහා දැනටමත් වැල්ලවායේ අලිකොට ආර ජලාශයේ ඉදිකිරීම් නිමකර, හඳපානාගල ජලාශයේ ධාරිතාව තුන් ගුණයකින් වැඩිවන ආකාරයට එම ජලාශය වැඩිදියුණු කිරීමද නිමකර, මෙහි වම් ඇළ/දකුණු ඇළ යටතේ වගා ඉඩම් සංවර්ධනය කිරීමටත්, ඒ යටතේ දැනටමත් ජලය ලබා දීමත් ඉටු කරමින් සිටින අතර, කුඩා ඔය ජලාශයේ සියයට 95ක් පමණ ඉදිකිරීම් වැඩ නිම කරමින්, ඒ යටතේද ඇළ මාර්ග සංවර්ධනය කිරීමේ කටයුතු ඉටු කරමින් සිටී. මෙම ක්‍රියාවලිය තුළදී පහළ නිම්නයේ එක් කන්නයක් පමණක් වගා කරමින් සිටි කුඩා වැව් 108කට යල/මහ කන්න දෙකම වගා කිරීමට ජලය ලැබෙන ආකාරයට ඇළ මාර්ග ඉදිකිරීමද සිදු කෙරේ. මෙම වැව් 108 තුළින් අබලන් වැව් ලෙස හඳුනා ගත් වැව් 58ක් පුනරුත්ථාපනය කිරීමද පහළ නිම්න සංවර්ධනයට ඇතුළත් අතර, එම වැව්වලින් 46ක වැඩ දැනටමත් නිමකර ඇත.
මෙම ව්‍යාපෘතිය දියත් කිරීම නිසා ඉහත සඳහන් ප්‍රතිලාභවලට අමතරව දැනටමත් ඉහළ නිම්නයේ ඉදිකර ඇති පුහුල්පොල හා ඩයරබා ජලාශ දෙක උපයෝගි කරගෙන බණ්ඩාරවෙල, බදුල්ල හා මොනරාගල ප්‍රදේශවල පානීය ජල අවශ්‍යතා සඳහාද අවශ්‍ය ජලය ඝන මීටර් දසලක්ෂ 39ක් - 39 MCM - ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට ලබා දීමට හැකියාව ලැබෙනු ඇත. මේ වන විටත් පුහුල්පොල ජලාශය හරහා ඇටම්පිටිය ජලාශ යෝජනා ක්‍රමය මඟින් බණ්ඩාරවෙල මහ රෝහලට හා ඒ අවට සිටින ප්‍රජාවට අවශ්‍ය පානීය ජලය සැපයීම ඉටු කරනු ලබයි.
එසේම ඩයරබා ජලාශය මඟින් විසල් බණ්ඩාරවෙල ජල යෝජනා ක්‍රමයට ජලය ලබා දීමට අවශ්‍ය ජල මූලාශ්‍ර නිර්මිතය. (Water intake structure) මේ වන විටත් මෙම ජලාශය තුළ ඉදිකිරීම් අවසන් කර ඇත.
(ආ) අදාළ නොවේ
පිළිතුරු දුන් දිනය
2024-06-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks