පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1148/2024
ගරු මුදිතා ප්‍රිශාන්ති මහත්මිය,— කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2023.01.01 දින සිට මේ දක්වා රැකියා සඳහා විදේශ ගත වී ඇති ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව කොපමණද;
(ii) එම සංඛ්‍යාව සේවය කරනු ලබන රට අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) විදේශ රැකියා සඳහා ඉදිරියේදීත් ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමේ අවස්ථාව සැලසී තිබේද;
(ii) එසේ නම්, එම රටවල් කවරේද;
(iii) එම විදේශ රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමට ගෙන ඇති පියවර කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-05-09
අසන ලද්දේ
ගරු මුදිතා ප්‍රිශාන්ති මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
කම්කරු හා විදේශ රැකියා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
(අ) (i) 2023.01.01 දින සිට 2024.04.01 දින දක්වා විදේශගත වී ඇති ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 412,942කි.
(ii) ඇමුණුම මඟින් ඉදිරිපත් කර ඇත. ඇමුණුම සභාගත* කරමි.
(ආ) (i) ඔව්.
(ii) ඇමුණුමෙහි සඳහන් රටවල් සඳහා ඉදිරියේදීත් ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමේ අවස්ථාව සැලසී ඇත.
ඒ වාගේම අලුත් ගමනාන්තයනුත් අපි මේ දවස්වල අධ්‍යයනය කරගෙන යනවා. තවත් රටවල් රාශියක් අපට අලුතින් එකතු කර ගන්න පුළුවන්කම ලැබිලා තිබෙනවා.
(iii) පහත ක්‍රම තුන මඟින් විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් යොමු කිරීමට පියවර ගෙන ඇත.
- වලංගු බලපත්‍ර සහිත විදේශ රැකියා ආයතන මඟින්.
- රාජ්‍ය අතර ඇති කර ගත් ද්විපාර්ශ්වික ගිවිසුම් මඟින්.
- ස්වයං මාර්ගයෙන් තෝරා ගත් රැකියා මඟින්.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2024-05-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මනූෂ නානායක්කාර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks