පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1147/2024
ගරු මුදිතා ප්‍රිශාන්ති මහත්මිය,— වාරිමාර්ග අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) රත්නපුර, උඩවලව ජලාශය පසුගිය කාලයේ පැවති නියඟය හේතුවෙන් සිදී ගිය බවත්;
(ii) ඒ හේතුවෙන් ප්‍රදේශයේ ගොවි ජනතාව හා වන සතුන් ජලය නොමැති වීමෙන් දැඩි පීඩාවකට පත් වූ බවත්;
(iii) රොන්මඩ හේතුවෙන් එම ජලාශය විශාල ලෙස ගොඩ වී ඇති බවත්;
එතුමිය දන්නෙහිද?
(ආ) (i) උඩවලව ජලාශයේ පවතින රොන්මඩ ඉවත් කිරීම සඳහා පියවර ගන්නේද;
(ii) ඒ සඳහා වෙන් කිරීමට අපේක්ෂිත මුදල කොපමණද;
(iii) රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරනු ලබන දිනය කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-04-09
අසන ලද්දේ
ගරු මුදිතා ප්‍රිශාන්ති මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) 2023 වර්ෂයේ මැයි සිට අගෝස්තු දක්වා පැවති දැඩි නියඟය හේතුවෙන් ජූලි සහ අගෝස්තු යන කාල වකවානුව තුළ උඩවලව ජලාශයෙන් වගා කටයුතු සඳහා ජලය නිකුත් කිරීමට අපහසු වන මට්ටමට ජල ධාරිතාව අඩු විය.
(ii) ජල ධාරිතාව අඩුවීම නිසා ප්‍රදේශයේ ජනතාව මෙන්ම සතා සිවුපාවුන් ද දැඩි පීඩනයට පත් වූ බැවින් ඉන් අත්මිදීමට විකල්පයක් ලෙස සමනලවැව ජලාශයෙන් ජලය ලබා ගැනීමට කටයුතු කරන ලදී.
(iii) උඩවලව ජලාශයේ ඉදි කිරීම් නිම කර දශක 6ක පමණ කාලයක් ගතව ඇති නිසා අවසාදිත රොන්මඩ තැන්පත්ව ජලාශයේ ධාරිතාව යම් ප්‍රමාණයකින් අඩු වී ඇති බව නිරීක්ෂණය වේ. නමුත්, තාක්ෂණික සමීක්ෂණයක් සිදු කර කොපමණ ප්‍රමාණයක් රොන්මඩ තැන්පත් වී ඇත්දැයි නිරීක්ෂණය කළ යුතු වේ.
(ආ) (i) උඩවලව ජලාශයේ තැන්පත් වී ඇති වැලි හා රොන්මඩ ඉවත් කිරීම සඳහා සුදුසු ස්ථාන හඳුනා ගැනීමේ ස්ථානීය පරීක්ෂාවක් හා ඒ පිළිබඳ සාකච්ඡාවක් 2023.08.31 දින ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිලධාරින් සහ රේඛීය ආයතන වන, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය හා මධ්‍යම පරිසර අධිකාරිය සමඟ ඒකාබද්ධව උඩවලවේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාවෙන් පසු රොන්මඩ කඩිනමින් ඉවත් කිරීම සඳහා ව්‍යාපෘති වාර්තාවක් සකස් කර 2023.10.03 වන දින නිර්දේශ ලබා ගැනීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අතර, ඒ සඳහා නිර්දේශ ලබා ගැනීම සඳහා කටයුතු කරගෙන යනු ලැබේ.
(ii) මෙම රොන්මඩ ඉවත් කිරීම ආයෝජකයන් මඟින් අදියර වශයෙන් නිම කිරීමට අපේක්ෂා කරනු ලැබේ. පළමු අදියර වශයෙන් කියුබ් 141,343ක ප්‍රමාණයක් ඉවත් කිරීමට ඇස්තමේන්තු කර ඇත.
(iii) ව්‍යාපෘති වාර්තාව සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය අනුමැතිය 2024.05.08 වන දින අංක වජී/6/1/2/1065 දරන ලිපිය මඟින් ලබා දී ඇති අතර අනෙකුත් රාජ්‍ය ආයතන විසින් ලබා ගත යුතුව ඇති අනුමැතීන් ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. කෙසේ වෙතත් මේ වන විට ජලාශයේ ජල මට්ටම වාන් මට්ටමේ පවතින අතර, සාමාන්‍ය යල කන්නයක් අවසානයේ අපේක්ෂිත ජල මට්ටමට වඩා ජල ප්‍රමාණයක් ජලාශය තුළ මෙවර, එනම් 2024 යල කන්නයේ ඉතිරි වන බැවින් රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු සමහර විට මෙම වර්ෂයේ සිදු කිරීමට හැකියාවක් නොතිබේ.
(ඇ) (ආ) (iii) මඟින් පිළිතුරු ලබා දී ඇත.
පිළිතුරු දුන් දිනය
2024-06-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks