පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1145/2024
ගරු මුදිතා ප්‍රිශාන්ති මහත්මිය,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රත්නපුර, වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංස්කෘතික මධ්‍යස්ථානය දීර්ඝ කාලයක සිට අබලන්ව ඇති බවත්;
(ii) එය අලුත්වැඩියා කිරීමට මේ දක්වා පියවර ගෙන නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) එම සංස්කෘතික මධ්‍යස්ථානය අලුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට පියවර ගන්නේද;
(ii) එසේ නම්, එම අලුත්වැඩියා කටයුතු ආරම්භ කරනු ලබන දින වකවානු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-03-07
අසන ලද්දේ
ගරු මුදිතා ප්‍රිශාන්ති මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
2010.11.27 දින මෙම මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා මුල්ගල තබා වැඩ ආරම්භ කර ඇති අතර 2011 වර්ෂයේදී වෙන් කරන ලද ප්‍රතිපාදන භාවිත කර මෙම ගොඩනැඟිල්ලේ අත්තිවාරම යොදා කණු ඉදිකර කොටසක පමණක් වහලය සකසා ඇත. අනෙක් කොටසේ වහලය මට්ටම දක්වා කොන්ක්‍රීට් කුලුනු යොදා ඇත. මෙම මධ්‍යස්ථානය සම්පූර්ණයෙන් ඉදිකර අවසන් කර නොමැති මධ්‍යස්ථානයකි.
(ii) අනතුරුව, ඉන්පසු එළඹුණු වසරවල මේ සඳහා ප්‍රතිපාදන ප්‍රමාණවත් පරිදි වෙන් වී නොමැති බැවින් මෙම මධස්ථානයේ ඉතිරි ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නොහැකි වී ඇත. නැවතත් 2021 වසරේ දී මේ සඳහා රුපියල් මිලියන 10ක ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම් වෙත ලබා දුන්නද කිසිදු ලංසුකරුවකු ඉදිරිපත් නොවීම හා නැවත ලංසු කැඳවීමට එම වසරේ කාලය ප්‍රමාණවත් නොවීම මත 2021 වර්ෂයේ දී ඉදිකිරීම් සම්පූර්ණ කිරීමට නොහැකි වී ඇත. 2022 හා 2023 වසරවලදී පැවැති ආර්ථික තත්ත්වය හේතුවෙන් මේ සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන අමාත්‍යාංශය වෙත වෙන් කර නොමැත.
(ආ) (i) ඔව්.
මේ වන විට මෙහි ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා 2024 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් කර ඇති අතර මිලියන 05ක ප්‍රතිපාදන ඒ සඳහා වෙන් කර ඇත.
(ii) 2024 පළමු කාර්තුවේදී මේ සඳහා නව ඇස්තමේන්තු දිස්ත්‍රික් ලේකම් රත්නපුර වෙතින් කැඳවීම සඳහා ලිපි යොමු කර ඇති අතර අදාළ ඇස්තමේන්තු ලද විගස මෙම මධ්‍යස්ථානයේ ඉතිරි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-03-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks