පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1127/2024
ගරු ඩී. වීරසිංහ මහතා,— ධීවර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) විදුලි ගාස්තු ඉහළ යාම හේතුවෙන් විසිතුරු මත්ස්‍ය අපනයනකරුවන් දැඩි දුෂ්කරතාවයට පත් වී ඇති බව දන්නේද;
(ii) ශ්‍රී ලංකාවේ සිටින විසිතුරු මත්ස්‍ය අපනයනකරුවන් සංඛ්‍යාව කොපමණද;
(iii) වර්ෂ 2019 සිට මේ දක්වා විසිතුරු මත්ස්‍යයන් අපනයනය කිරීමෙන් උපයන ලද ආදායම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) විසිතුරු මත්ස්‍ය කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-04-09
අසන ලද්දේ
ගරු ඩී. වීරසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ධීවර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්.
විදුලි ගාස්තු වැඩිවීම හේතුවෙන් විසිතුරු මත්ස්‍ය නිෂ්පාදන වියදම පමණක් නොව බොහෝ කර්මාන්තවල නිෂ්පාදන පිරිවැය ද ඉහළ ගොස් ඇත. මෙම හේතුවෙන් විසිතුරු මත්ස්‍ය අපනයනකරුවන් ද දුෂ්කරතාවට පත් වී ඇත.
(ii) 60 දෙනෙකි.
(iii)
|
වර්ෂය |
විසිතුරු මත්ස්‍ය අපනයන ආදායම (ඇ.ඩො. මිලියන) |
විසිතුරු මත්ස්‍ය අපනයන ආදායම ආසන්නව (රු. මිලියන) |
|
2019 |
16.24 |
2,913.00 |
|
2020 |
13.03 |
2,409.00 |
|
2021 |
20.92 |
4,193.00 |
|
2022 |
21.74 |
7,143.00 |
|
2023 |
26.38 |
8,641.00 |
|
2024 (ජනවාරි සිට අප්‍රේල් දක්වා) |
8.52 |
2,632.00 |
(iv) • වගාකරුවන් සඳහා අවශ්‍ය විසිතුරු මත්ස්‍ය මව් මසුන් හා අනෙකුත් වර්ධක අවස්ථා ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය සතු මධ්‍යස්ථාන වෙතින් ලබා දීම.
• කර්මාන්තකරුවන් සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීම.
• දේශීයව විසිතුරු මත්ස්‍ය කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශන පැවැත්වීම.
• දේශීය වගාකරුවන් සඳහා අවශ්‍ය ජීවී මත්ස්‍ය ආහාර නිෂ්පාදනය කර ඔවුන් වෙත ලබා දීම.
• පාසල් ළමුන් අතර විසිතුරු මත්ස්‍ය කර්මාන්තය ප්‍රවර්ධනය සඳහා පාසල් විසිතුරු මත්ස්‍ය සංගම් ස්ථාපිත කිරීම.
• වාර්ෂිකව බලපත්‍ර ලබා දීම තුළින් කර්මාන්තය නියාමනය කිරීම.
• අන්තරාදායක මසුන් ආනයනය වීම වැළැක්වීම සඳහා කටයුතු කිරීම.
• අපනයනය කිරීම සඳහා ප්‍රවණතාවක් ඇති දේශීය මසුන් අභිජනනය සඳහා කටයුතු කිරීම.
• දිස්ත්‍රික් මට්ටමින් විසිතුරු මත්ස්‍ය සංගම් ස්ථාපිත කර ඇති අතර, එමඟින් ඔවුන්ට අවශ්‍ය වෙළෙඳ පොළ සම්බන්ධීකරණය හා තාක්ෂණික උපදෙස් ලබා දීම වැනි වැඩ පිළිවෙළවල් ක්‍රියාත්මකව පවතී.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-06-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks