04

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

1126/2024: Pension scheme for Government officers

1126/2024

 ගරු ඩී. වීරසිංහ මහතා,—  අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)        (i)       2015 වර්ෂයෙන් පසු ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයට බඳවාගන්නා ලද පුද්ගලයන්ට හිමි වන විශ්‍රාම වැටුප, දායක විශ්‍රාම වැටුපක් බව දන්නේද;

            (ii)       රජය විසින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ මත හිමි විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් තීරණය කරන බව පත්වීම් ලිපියේ සඳහන් කර තිබේද;

(iii) එසේ නම්, ඉදිරියේදී මෙම රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම වැටුප් හිමිකම ලබා දීමට පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2024-03-21

අසන ලද්දේ

ගරු ඩී. වීරසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks