04

E   |     |  

 දිනය: 2024-03-07   පිළිතුර ලබා දී ඇත 

1125/2024: ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය: බස් ඇණිය

1125/2024

 ගරු ඩී. වීරසිංහ මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මේ වනවිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සතු බස්රථ සංඛ්‍යාව කොපමණද;

             (ii)       ඒ අතරින් ධාවන තත්ත්වයේ පවතින බස්රථ සංඛ්‍යාව කොපමණද;

            (iii)       ගර්හිත බස්රථ අතරින් අලුත්වැඩියා කිරීමෙන් පසු ධාවනයට එක් කර ඇති බස්රථ සංඛ්‍යාව කොපමණද;

(iv) ‘සිසු සැරිය’ සේවය සඳහා ධාවනයට එක් කර ඇති බස්රථ සංඛ්‍යාව කොපමණද;

(v) වර්ෂ 2019 සිට මේ දක්වා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩයට මිලදී ගෙන ඇති බස්රථ සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2024-03-07

අසන ලද්දේ

ගරු ඩී. වීරසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      බස් රථ 7,114යි.

              (ii)      බස් රථ 5,227යි.

             (iii)      2023 වර්ෂයේ සිට 2024 ජනවාරි 31 දක්වා බස් රථ 396ක් අලුත්වැඩියා කිරීමෙන් පසු ධාවනයට එක් කර ඇත.

             (iv)      "සිසු සැරිය" සේවය සඳහා බස් රථ 855ක් යොදවා ඇත.

              (v)      ඔව්.

                        2019 වර්ෂයේදී බස් රථ 334ක් මිලදී ගෙන ඇත.

                        2020 හා 2021 වර්ෂවලදී බස් රථ මිලදී ගෙන නොමැත.

                        2022 වර්ෂයේදී බස් රථ 02ක් මිලදී ගෙන ඇත.

2023 වර්ෂයේදී බස් රථ 500ක් මිලදී ගෙන ඇත.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2024-03-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks