පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2024-07-12
අසන ලද්දේ
ගරු සමන්ප්‍රිය හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
(අ) (i) කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇති සීමාසහිත විවිධ සේවා සමුපකාර සමිති සංඛ්‍යාව 21කි.
(ii) ඒවායේ සේවය කරනු ලබන සේවකයන් සංඛ්‍යාව 2,560කි.
(iii) කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පවතින විවිධ සේවා සමුපකාර සමිති 21 මඟින්, සමස්ත දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි ග්‍රාමීය බැංකු ශාඛා 302ක් ද, වෙළෙඳසැල් 04ක් ද, ඉන්ධනහල් 27ක් ද, මුද්‍රණාල 05ක් සහ අවමංගල සේවා මධ්‍යස්ථාන 15ක් ද වශයෙන් මූලික ව්‍යාපාරික අංශ ලෙස පවත්වාගෙන යනු ලැබේ.
එම එක් එක් අංශ මඟින් ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ තොග හා සිල්ලර පදනම මත සැපයීම, බැංකු සේවා පවත්වාගෙන යෑම තැන්පතු ලබැගැනීම, ණය පහසුකම් සැපයීම ආදී සියලු බැංකු කටයුතු සිදු කිරීම, අවමංගල කටයුතු සිදු කිරීම, මුද්‍රණ අවශ්‍යතා සැපයීම, උත්සව කටයුතු සඳහා අවශ්‍ය ශාලා පහසුකම් සැපයීම, සාමාජිකයන්ගේ විවිධ නිෂ්පාදන මිලදී ගැනීම මෙන්ම විවිධ වෙළඳ සන්නාම නාම යටතේ නියෝජිත ධුර ලබාගෙන බෙදාහැරීමේ කටයුතු සිදු කිරීම වැනි කාර්යය භාරයන් රාශියක් සිදුකරනු ලබයි.
(iv) එම සමුපකාර සමිති විසින් පාලන කරනු ලබන අලෙවිසැල් සංඛ්‍යාව 463ක්.
(v) කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමුපකාර ව්‍යාපාරය දියුණු කිරීම සඳහා මූලික වශයෙන්ම නවීන තාක්ෂණය සමඟ ඒකාබද්ධ වෙමින් ඉදිරි කටයුතු සිදු කිරීමට පහත සඳහන් පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත.
සියලුම ග්‍රාමීය බැංකු කටයුතු පරිගණක ගත කිරීම හා ජාලගත කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතී.
(ආ) අදාළ නොවේ
පිළිතුරු දුන් දිනය
2024-07-12
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks