E   |     |  

 දිනය: 2024-04-09   පිළිතුර ලබා දී ඇත 

1091/2024: වනඅලි දුම්රියවල ගැටීම: වැළැක්වීම

1091/2024

ගරු සමන්ප්‍රිය හේරත් මහතා,—  වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමියගෙන් ඇසීමට,— 

(අ)         (i)       වර්ෂ 2015 සිට මේ දක්වා දුම්රියවල ගැටීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වී ඇති වන අලින් සංඛ්‍යාව කොපමණද;

             (ii)      දුම්රියවල වන අලින් ගැටීම වළක්වා ගැනීම සඳහා විධිමත් ක්‍රමවේදයක් තිබේද;

(iii) මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව හා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නේද;

(iv) වන අලින් දුම්රියවල ගැටීම වළක්වා ගැනීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී අනුගමනය කරනු ලබන ක්‍රමවේදය කවරේද;

         යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2024-04-09

අසන ලද්දේ

ගරු සමන්ප්‍රිය හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2015 වසරේ සිට දුම්රියේ ගැටී මරණයට පත්වූ අලි සම්බන්ධ තොරතුරු පහත දැක්වේ.

වර්ෂය

දුම්රියේ ගැටී මරණයට පත් වූ අලි සංඛ්‍යාව

2015

12

2016

12

2017

07

2018

16

2019

08

2020

03

2021

06

2022

14

2023

24

2024.05.03 දිනට

01

එකතුව

103

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

(ii) තිබේ.

(iii) ඔව්.

(iv) ඔව්.

දුම්රියේ ගැටී අලි මිය යෑම වැළැක්වීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ එකතු වී පහත සඳහන් ක්‍රියාමාර්ග ගෙන ඇත.

1. දුම්රිය පාර හරහා වනඅලි මාරු වන ස්ථාන හඳුනාගෙන එම ස්ථානවල වේග සීමා පුවරු ප්‍රදර්ශනය කර ඇත.

2. දුම්රිය මාර්ගයේ ඇති වංගු සහිත ස්ථාන හඳුනාගෙන දුම්රිය රියදුරන්ට වනඅලි දර්ශනය වන පරිදි එම ස්ථානවල යටි කැලෑ ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර, එම ස්ථාන අඛණ්ඩව නියමිත ප්‍රමාණයට නඩත්තු කරනු ලැබේ.

3. වනඅලි දුම්රිය මාර්ග හරහා ගමන් කරන ස්ථානවල දුම්රිය මාර්ගයේ ඇති සිල්පරකොට අතර ඇති හිඩැස කොන්ක්‍රීට් ගල් - metal - පුරවා වනඅලින්ට පහසුවෙන් දුම්රිය මා‍ර්ගයේ ගමන් කිරීම සඳහා කටයුතු කර ඇත.

4. දුම්රිය රියදුරන් දැනුවත් කිරීම සඳහා සෙට්ටිකුලම ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ සයිරන් නළා සවිකර ඇත. නමුත් මෙම පද්ධතිය ‍සොරුන් විසින් සොරකම් කිරීම නිසා දැනට අක්‍රිය වී ඇත.

5. වනඅලි ගමන් කරන දුම්රිය මාර්ග හරහා මාර්ගයට යටින් පිහිටි බෝක්කුවල ඇති බාධක සියල්ල ඉවත් කර වනඅලින්ට එම ස්ථානවලින් ගමන් කිරීම සඳහා සුදුසු පරිදි සකස් කර ඇති අතර, මෙවැනි ස්ථාන තවදුරටත් නඩත්තු කිරීම සඳහා සැලසුම් කර ඇත. තවද, අලි ගමන් ගන්නා ස්ථානවලට ඉහළින් දුම්රිය මාර්ගය ඉදි කළ යුතු ස්ථාන හඳුනාගෙන ඇති අතර, එම ස්ථානවල අවශ්‍ය සංවර්ධන කටයුතු ඉටු කිරීම අපේක්ෂිතය.

6. ගල්ගමුව දුම්රිය මාර්ගයේ කාසින්ගම ප්‍රදේශයේ අලි මාරු වන ස්ථානයක රේල් පීලි යටින් බෝක්කුවක් ඉදිකිරීම මේ වනවිට ආරම්භ කර ඇත.

7. දුම්රිය රියදුරන්ට හා දුම්රිය ස්ථානාධිපතිවරුන්ට දුම්රිය මාර්ගවල වනඅලි ගැවසෙන ස්ථාන පිළිබඳව කෙටි පණිවුඩ - SMSs - ලබා දී  දැනුවත් කිරීමේ ක්‍රම සකස් කර ක්‍රියාත්මක කර ඇත.

8. දුම්රිය එන්ජින්වලට අධිබලැති විදුලි පහන් සවිකර රාත්‍රියේදී රියදුරන්ට දර්ශනය වන පරාසය වැඩි වන ආකාරයට කටයුතු කර ඇත.

9. දුම්රිය මාර්ගයේ අලි ඇතුන් මාරු වන අවස්ථාවලදී හඳුනා ගැනීම හා එවැනි අවස්ථාවල දුම්රියේ වේගය අඩු කිරීම සඳහා නවීන තාක්ෂණය භාවිත කර  දුම්රිය රියැදුරන්ට පණිවුඩ ලබා දීමේ පරීක්ෂණ කටයුතු  කරමින් පවතී.

 

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2024-05-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks