පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1089/2024
ගරු සමන්ප්‍රිය හේරත් මහතා,— කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වී ඇතුළු අනෙකුත් බෝගවල අස්වනු නෙලීම සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීම මේ වනවිට ඉහළ ගොස් තිබෙන බව දන්නේද;
(ii) එසේ නම්, අස්වනු නෙලීම සඳහා භාවිතා කරනු ලබන යන්ත්‍ර සූත්‍ර සම්බන්ධයෙන් නියාමනයක් සිදු කරන්නේද;
(iii) නොඑසේ නම්, ඉදිරියේදී ඒ සඳහා පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) කෘෂි යන්ත්‍ර සූත්‍ර සඳහා අය කරනු ලබන ගාස්තු ඉහළ ගොස් ඇති බැවින් ගොවීන් දැඩි දුෂ්කරතාවයට පත් වී ඇති බව පිළිගන්නේද;
(ii) යන්ත්‍ර සූත්‍ර සඳහා ඉඩම් අක්කරයකට/වී බුසලකට අය කළ හැකි උපරිම ගාස්තුවක් නියම කිරීමට පියවර ගන්නේද;
(iii) එසේ නම්, උපරිම ගාස්තුවක් නියම කරනු ලබන දින වකවානු කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-03-07
අසන ලද්දේ
ගරු සමන්ප්‍රිය හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) දැනට නැත.
(iii) ඉදිරියේ දී පියවර ගැනීමට බලාපොරොත්තු වේ.
(ආ) (i) ඔව්.
(ii) පියවර ගැනීමට බලාපොරොත්තු වේ.
මේ සම්බන්ධව මම පැහැදිලි කිරීමක් කරන්නම්, ගරු කථානායකතුමනි. කෘෂි යන්ත්‍ර සූත්‍ර සඳහා අය කරනු ලබන ගාස්තු ඉහළ යාමට ප්‍රධාන හේතු ලෙස ඉදිරිපත් කළ හැක්කේ පසුගිය වකවානුව තුළ ඇති වූ ආර්ථික පසුබෑම සමඟ යන්ත්‍ර සූත්‍රවල මිල අධික ලෙස ඉහළ යාම, අමතර කොටස්, ඉන්ධන හා ලිහිසි තෙල් මිල ඉහළ යාම හා ක්‍රියාකරුවන්ගේ අය කරනු ලබන ගාස්තු ඉහළ යාමයි. කෙසේ වෙතත්, යන්ත්‍ර හිමියන් අතර ඇති තරගය නිසා මෙම මිල යම් පමණකට අඩු වී ඇතත් අය කරන ගාස්තු තවමත් ඉතා ඉහළ අගයක පවතී.
මේ වන විට ගොයම් කපන යන්ත්‍ර විශාල ප්‍රමාණයක් රට පුරා විවිධ යන්ත්‍ර හිමියන් අතර ඇති අතර, බොහෝ යන්ත්‍ර ණය පදනම මත මිලදී ගත් යන්ත්‍ර බැවින් වාරික ගෙවීමේ අරමුණින් යන්ත්‍ර හිමියන් අස්වනු නෙළීමට යන වියදමට සාපේක්ෂව අඩු මිල ගණන්වලට පවා ගොවි බිම්වල ගොයම් කපන බව නිරීක්ෂණය වන අතර, මෙය කර්මාන්තයේ කඩා වැටීමට හේතු විය හැක. එම නිසා සමස්තයක් ලෙස ගොවියාගේ පාර්ශ්වය මෙන්ම යන්ත්‍ර හිමිකරුවන්ගේ පාර්ශ්වය පිළිබඳව ද අවධානය යොමු කර ඉදිරියේ දී කටයුතු කිරීම සුදුසු වේ.
(iii) ඉදිරි මහ කන්නයට පෙර මෙම ක්‍රමවේදය සැකසීමට බලාපොරොත්තු වේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-03-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks