පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2523/’12
ගරු බුද්ධික පතිරණ මහතා,— පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මිල්කෝ (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනයේ අනුමත සේවක සංඛ්‍යාවට ඇතුළත් විමර්ශන නිලධාරී තනතුරු සංඛ්‍යාව කොපමණද;
(ii) 2010 මැයි සිට මේ දක්වා එම ආයතනයට පත්කළ එක් එක් විමර්ශන නිලධාරීයාගේ නම, ලිපිනය, පත්කළ දිනය, උපන් දිනය, පත්කළ දිනට වයස සහ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) ඔවුන් පත්කිරීමේදී ප්‍රසිද්ධ දැන්වීමක් මගින් කැඳවූ අයදුම්පත් සලකා බැලුවේද;
(iv) නොඑසේ නම්, එම පත්කිරීම් සිදුකළ ආකාරය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) පත්කළ දින සිට 2012 පෙබරවාරි 29 දින දක්වා කාලය තුළදී,
(i) එක් එක් මාසයේදී විමර්ශන නිලධාරීන්ට ගෙවූ වැටුප් හා දීමනා, ගමන් වියදම් හා සංයුක්ත දීමනා, ආහාර, ප්‍රසාද සහ වෙනත් දීමනා එක් එක් නිලධාරියා අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම නිලධාරීන් විසින් ඉදිරිපත් කළ සියලුම විමර්ශන වාර්තාවල සහතික පිටපත් ඉදිරිපත් කරන්නේද;
(iii) විමර්ශන නිලධාරීන් සේවයෙන් ඉවත්කර තිබේද;
(iv) ඉවත්කළ අයගේ නම්, ඉවත්කළ දිනය හා ඉවත්කිරීමට හේතු වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-06-21
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) අනුමත තනතුරු නොමැත.
(ii) ඇමුණුම් 1හි ඉදිරිපත් කර ඇත.
(iii) නැත.
(iv) අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුදැනුම මත පත් කර ඇත.
(විධිමත් ක්‍රමයක් අනුගමනය කර නැත. එබැවින් මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වා අවිධිමත් ලෙස ගෙවා ඇති මුදල් අය කර ගැනීමටත්, ක්‍රමවේද අනුගමනය නොකිරීම සම්බන්ධයෙන් අදාළ නිලධාරින්ට විරුද්ධව කටයුතු කිරීමටත් පියවර ගනිමි.)
(ආ) (i) ඇමුණුම් 2හි ඉදිරිපත් කර ඇත.
(ii) නැත.
(මෙම පරීක්ෂණ කටයුතු සිදු වෙමින් පවතින නිසා මේ අවස්ථාවේ ඉදිරිපත් කිරීම අපහසුය.)
(iii) නැත.
(iv) අදාළ නොවේ.
( (අ)(iv) පිළිතුරෙහි සඳහන් පරීක්ෂණය පවත්වා ඒ අනුව අවිධිමත් ලෙස පත් කළ නිලධාරින් ඉවත් කිරීමට කටයුතු කරමි. )
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-10-02
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු එච්.ආර්. මිත්‍රපාල මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks