පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2507/’12
ගරු සජිත් ප්‍රේමදාස මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) උතුරු පළාතේ, සම්පත්නුවර ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ පිහිටා තිබෙන ඇතාවැටුනවැව විද්‍යාලයේ භෞතික සම්පත් සහ මානව සම්පත් ඌනතාවයන් රැසක් පවතින බව එතුමා දන්නෙහිද?
(ආ) (i) ඇතාවැටුනවැව විද්‍යාලයේ පවතින භෞතික සම්පත් හා මානව සම්පත් ඌනතාවයන් කවරේද
(ii) එම අඩුපාඩුකම් සපුරාලීමට කටයුතු කරන්නේද;
(iii) එසේ නම්, ඒ සඳහා ගතවන කාලය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-12-08
අසන ලද්දේ
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්.
(ආ) (i) ඇතාවැටුණවැව විද්‍යාලයේ භෞතික සම්පත් හා මානව සම්පත් ඌනතාවන් සහ දැනට පවතින තත්ත්වය ඇමුණුමෙහි දක්වා ඇත. ඇමුණුම සභාගත කරමි*.
(ii) ඔව්.
පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන, උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ මූල්‍ය ප්‍රතිපාදන, TSEP මූල්‍ය ප්‍රතිපාදන, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල මුල්‍ය ප්‍රතිපාදන යොදවා එම අඩු පාඩු සපරාලීමට අදාළ කටයුතු සම්පාදනය කර ඇත.
(iii) 2014 වර්ෂයේ ජූලි මස 15 දිනට ප්‍රථම ගුරු පුරප්පාඩු පිරවීමට යෝජිතය.
ගොඩනැඟිලි ඉදිකිරීම් හා අනෙකුත් පුනරුත්ථාපන කටයුතු 2014 සැප්තැම්බර් 30 දිනට ප්‍රථම අවසන් කිරීමට යෝජිතය.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2014-06-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මොහාන් ලාල් ග්‍රේරු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks