04

E   |     |  

 දිනය: 2013-03-21   පිළිතුර ලබා දී ඇත 

2504/2013: ජනකපුර විද්‍යාලය : භෞතික සහ මානව සම්පත්

2504/’12

 

ගරු සජිත් ප්‍රේමදාස මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      උතුරු පළාතේ, සම්පත්නුවර ප්‍රා‍දේශීය ලේකම් බලප්‍රදේශයේ පිහිටා තිබෙන ජනකපුර විද්‍යාලයේ භෞතික සම්පත් සහ මානව සම්පත්වල ඌනතාවයන් රැසක් පවතින බව එතුමා දන්නෙහිද?

(ආ)        (i)       ජනකපුර විද්‍යාලයේ පවතින භෞතික සම්පත් හා මානව සම්පත් ඌනතාවයන් කවරේද;

(ii) එම  අඩුපාඩුකම් සපුරාලීමට කටයුතු කරන්නේද;

(iii) එසේ නම්, ඒ සඳහා ගතවන කාලය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-03-21

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්.

(ආ)         (i)      —   1 සිට 5 දක්වා පන්ති පැවත් වේ.

                              ශිෂ්‍ය සංඛ්‍යාව 46යි.

                              ස්ථිර ගුරුවරුන් 02යි.

                              කොන්ත්‍රාත් පදනමින් බඳවා ගෙන ඇති     ගුරුවරුන් සංඛ්‍යාව 05යි.

                              පන්ති කාමර 12යි.

                              බුදු මැදුරක්, කුඩා ක්‍රීඩා පිටියක්, ළිඳක්, ජල     ටැංකියක් හා ජල සැපයුමක් ඇත.

පාසල වත්ත ව‍ටා තාප්පයක් ඉදිකරමින් පවතී.

 

මානව සම්පත් ඌනතා

ප්‍රාථමික ගුරුවරු තුන්දෙනයි.

 

භෞතික සම්පත් ඌනතා

සැලකිය යුතු ප්‍රමාණයක් තිබෙනවා.

ලී බඩු

දෙවන වර්ගයේ මේස පුටු - 20

දෙවන වර්ගයේ පුටු - 20

පරිගණක කාමරයක්

ක්‍රීඩා උපකරණ

දුරකථන පහසුකම්

විදුලිය

ගුරු විවේකාගාරයක්

විදුහල්පති කාර්යාලයක්

ගුරු මේස - 05

ගුරු පුටු - 05

වැසිකිළි හා ජල පහසුකම්.

(ii) ඔව්. මේ සඳහා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මූල්‍ය ප්‍රතිපාදන, උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ලැබෙන මූල්‍ය ප්‍රතිපාදන, TSEP මූල්‍ය ප්‍රතිපාදන හා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල මූල්‍ය ප්‍රතිපාදන යොදවා එම අඩු පාඩු සපුරාලීමට කටයුතු කරනු ලැබේ.

(iii) ප්‍රාථමික පාසලක් වන ජනකපුර විද්‍යාලයේ සියලුම ගුරුවරුන් නුපුහුණු ගුරුවරුන් වූ  අතර 2014 වර්ෂයේ මැයි මස තුළ එම ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතු නිම කර ඇත.

ගොඩනැගිලි හා අනෙකුත් ඉදිකිරීම් කටයුතු 2014  වර්ෂයේ සැප්තැම්බර් 30 දිනට පෙර සම්පූර්ණ කිරීමට අදාළ කටයුතු කරමින් පවතී.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2014-06-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මොහාන් ලාල් ග්‍රේරු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks