01

E   |     |  

 දිනය: 2013-03-21   පිළිතුර ලබා දී ඇත 

2499/2013: HINGURANA SUGAR FACTORY : PRODUCTION ACTIVITIES

2499/’12

 

ගරු දයාසිරි ජයසේකර මහතා,— සීනි කර්මාන්ත සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන හිටපු අමාත්‍ය ගරු පී. දයාරත්න මැතිතුමා විසින් හිඟුරාණ සීනි කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු 2011 වර්ෂයේ දී ආරම්භ කරන බව‍ට 2010 ඔක්තෝබර් 7 වැනි දින පාර්ලිමේන්තුවේදී කර ඇති ප්‍රකාශය පරිදි ක්‍රියාකර තිබේ නම්, මේ වන විට දිනකට එම කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කරනු ලබන සීනි ප්‍රමාණය කොපමණද;

  (ii) සීනි නිෂ්පාදනය ආරම්භ කර නොමැති නම්, ඊට හේතු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) හිඟුරාණ සීනි කර්මාන්තශාලාවේ සේවය කරන (වගා අංශයේ හා කර්මාන්තශාලාවේ) මුළු සේවක සංඛ්‍යාව කොපමණද;

(ii) එම සේවක සංඛ්‍යාව එක් එක් තනතුර අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) ඔවුන්ගේ වැටුප්, දීමනා, අර්ථසාධක  ආදිය නිසි පරිදි ගෙවීමට කටයුතු යොදා තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-03-21

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

සීනි කර්මාන්ත සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා (සීනි කර්මාන්ත සංවර්ධන  අමාත්‍යතුමා)

(மாண்புமிகு லக்ஷ்மன் செனெவிரத்ன - சீனிக் கைத்தொழில் அபிவிருத்தி அமைச்சர்)

(The Hon. Lakshman  Senewiratne - Minister of Sugar Industry Development)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේය.

(අ)          (i)       ගල්ඔය වැවිලි සමාගමේ හිඟුරාණ සීනි කර්මාන්ත ශාලාව ලෙස සිය සීනි නිෂ්පාදන කටයුතු 2012 ජූලි මස 16වන දින ආරම්භ කරන ලදි. සීනි නිෂ්පාදන ධාරිතාව දිනකට මෙට්‍රික් ටොන් 160ක් වේ.   

             (ii)  අදාළ නොවේ.   

(ආ)       (i) කර්මාන්ත ශාලාවේ විවිධ අංශවල සේවය කරනු ලබන සේවක සංඛ්‍යාව පහත සඳහන් පරිදි වේ.

         වැවිලි අංශය                       317

        කර්මාන්තශාලා අංශය          258

        ශෂ්‍ය විද්‍යා අංශය               152

       මානව සම්පත් පරිපාලන          39

       ගිණුම්                              25

       එකතුව                            791

            (ii) අදාළ විස්තර ඇමුණුමෙහි දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.

           (iii)   සී/ස  ගල්ඔය  වැවිලි (පුද්) සමාග‍මේ දැනට සේවය කරන සියලුම සේවක මහත්ම මහත්මීන් හට  මේ දක්වා වැටුප්, දීමනා හා අර්ථ ‍සාධක යනාදිය නිසි  පරිදි ගෙවීමට  කටයුතු යොදා ඇත.

(ඇ) අදාළ නොවේ.

 

*සභාමේසය මත තබන ලද ඇමුණුම:

   சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :

   Annex tabled:

 

පිළිතුරු දුන් දිනය

2013-03-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks