පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2498/’12
ගරු දයාසිරි ජයසේකර මහතා,— සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2008 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා ගොවීන්ගෙන් වී මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය වැය කර ඇති මුදල කොපමණද;
(ii) එම වී තොගවලින් සහල් නිෂ්පාදනය සඳහා යොදා ගත් වී ප‍්‍රමාණය කොපමණද;
(iii) එකී කාල සීමාවේ දී කෘමි හානි හෝ නොසැලකිලිමත්කම යන කාරණා හේතුවෙන් වී අලෙවි මණ්ඩලයේ ගබඩා තුළදී විනාශයට පත්වූ වී ප්රමාණයේ වටිනාකම කොපමණද;
යන්න වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) වී අලෙවි මණ්ඩලය මිලට ගැනීමෙන් පසුව කෘමි හානි හෝ අනෙකුත් හේතූන් මත විනාශයට පත් වු වී තොග සම්බන්ධයෙන් ගන්නා ලද ක‍්‍රියාමාර්ගය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-03-20
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා
(மாண்புமிகு ஜோன்ஸ்டன் பர்னாந்து)
(The Hon. Johnston Fernando)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) 2008 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා ගොවීන්ගෙන් වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය වැය කර ඇති මුදල් ප්‍රමාණයන්.
කන්නය වටිනාකම (රුපියල් මිලියන)
2008 යල 158
2008/09 මහ 1,062
2009 යල 367
2009/10 මහ 1,995
2010 යල 3,185
2010/11 මහ 98
2011 යල 2,137
එකතුව 9,002
(ii) මෙට්‍රික්ටොන් 54,054යි
(iii) නොසැලකිලිමත්කම හේතුවෙන් කිසිදු වී ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලයේ ගබඩා තුළදී විනාශයට පත් වී නොමැත. විශේෂයෙන් ස්වාභාවික විපත්, වල් අලි, වන සතුන් හා කෘමීන්ගෙන් විනාශයට පත් වූ වී ප්රමාණයේ වටිනාකම පහත පරිදි වේ. එය මිලදී ගත් මුළු වී තොග ප්‍රමාණයේ වටිනාකමෙහි ප්‍රතිශතයක් වශයෙන් සියයට 0.33කි. (සියයට දශම තුනයි තුනකි)
වර්ෂය විනාශයට පත් වූ ප්‍රමාණයේ වටිනාකම
(රුපියල් මිලියන)
2008 1
2009 5
2010 17
2011 7
(ආ) * එම විනාශයට පත් වූ වී තොග සමීක්ෂණය කර ඇති අතර, ඒවා සත්ව ආහාර සඳහා නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.
* මෙම ගබඩා රක්ෂණය කර ඇති බැවින් එම හානිවලට අදාළ වටිනාකම ප්‍රතිපූර්ණය කිරීමට කටයුතු යොදා ඇත.
* මෙම කෘමි හානි අඩු කර ගැනීමට සුදුසු පරිදි ධූමනය කටයුතු අවස්ථානුකූලව සිදු කරනු ලැබේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-03-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks