01

E   |     |  

 දිනය: 2024-07-12   පිළිතුර ලබා දී ඇත 

0638/2024: කිරි හා බිත්තර නිෂ්පාදනය: විස්තර

----

අසන ලද දිනය

2024-07-12

අසන ලද්දේ

ගරු බී. වයි. ජී. රත්නසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ශ්‍රී ලංකාවේ වාර්ෂික මුළු කිරි අවශ්‍යතාව ලීටර මිලියන 1,200ක් පමණ වේ.

              (ii)      2023 වාර්ෂික දත්ත අනුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරනු ලැබූ කිරි ප්‍රමාණය ලීටර මිලියන 370.32කි.

              (iii)      රේගු දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2023 වර්ෂයේදී ආනයනය කර ඇති කිරිපිටි ප්‍රමාණය මෙට්‍රික්ටොන් 67,780ක් වන අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් බිලියන 84.31කි.

(ආ)          (i)      2023 වර්ෂයේ ශ්‍රී ලංකාවේ මුළු බිත්තර නිෂ්පාදනය මිලියන 2,043.50ක් පමණ වේ.

(ii) 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේදී බිත්තර නිෂ්පාදනය මාසිකව උච්චාවචනය වී ඇති ආකාරය පහත වගුවේ දැක්වේ.

 

මාසය

බිත්තර නිෂ්පාදනය

 

2022 (මිලියන)

2023 (මිලියන)

ජනවාරි

    268.53

  165.92

පෙබරවාරි

    265.53

  178.10

මාර්තු

    207.60

  181.88

අප්‍රේල්

    186.41

  177.87

මැයි

    168.42

  191.78

ජුනි

    163.43

  176.90

ජූලි

    164.94

  171.50

අගෝස්තු

    171.17

  165.77

සැප්තැම්බර්

     129.08

  147.97

ඔක්තෝබර්

      128.72

  154.69

නොවැම්බර්

      122.95

  159.39

දෙසැම්බර්

      112.90

  171.82

එකතුව

    2,089.70

2,043.58

  (iii) බිත්තරයක නිෂ්පාදන වියදම

මහා පරිමාණ - රු. 31.67

කුඩා පරිමාණ - රු. 34.59 පමණ වේ.

 

(iv) බිත්තර නිෂ්පාදන වියදමින් සියයට 90ක් පමණ සත්ව ආහාර සඳහා වැය වේ. සත්ව ආහාරවල මිල රඳා පවතින්නේ සත්ව ආහාර අමුද්‍රව්‍යවල මිල මතයි. නමුත් සත්ව ආහාර අමුද්‍රව්‍යවල මිල පාලනය කිරීම සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අධිකාරි බලයක් නොමැත.

සත්ව ආහාර අමුද්‍රව්‍යවලින් සියයට 60ක් පමණ ආනයනය කරනු ලබයි. එම අමුද්‍රව්‍ය කලට වේලාවට බාධාවකින් තොරව ආනයනය කරගැනීම පහසුකරණය සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් ප්‍රමාදයකින් තොරව සිදු කර ඇත. එමෙන්ම දේශීය බඩඉරිඟු නිෂ්පාදනය සත්ව ආහාර නිෂ්පාදනය සඳහා ප්‍රමාණවත් නොවන බැවින් අවශ්‍ය අතිරේක බඩඉරිඟු ප්‍රමාණය ආනයනය කරගැනීම සඳහා ඊට අදාළ දෙපාර්තමේන්තු සමඟ කටයුතු කර ඇත.

තවද සත්ව ආහාර නිෂ්පාදනයට අදාළ අමුද්‍රව්‍ය සහ කුකුළු කර්මාන්තයට අවශ්‍ය උපකරණ ආනයනයේදී තීරුබදු සහන ලබා ගැනීම සඳහා නිර්දේශ ලිපි නිකුත් කිරීම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මඟින් සිදු කෙරේ.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2024-07-12

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks