04

E   |     |  

 දිනය: 2024-04-09   පිළිතුර ලබා දී ඇත 

0613/2024: සුරාබදු දෙපාර්තමේන්තුව: මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම

613/2024

ගරු ජයන්ත සමරවීර මහතා,— මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2023.01.01 දින වනවිට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති මත්පැන් බලපත්‍ර සංඛ්‍යාව කොපමණද;

             (ii)       ශ්‍රී ලංකාවේ මේ වනවිට ඇති මත්පැන් බලපත්‍ර වර්ග කවරේද;

(iii) එම එක් එක් මත්පැන් බලපත්‍ර වර්ගය සඳහා ලබා දී ඇති බලපත්‍ර සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) 2023.01.01 දින සිට 2024.01.01 දින දක්වා ලබා දී ඇති මත්පැන් බලපත්‍ර සංඛ්‍යාව කොපමණද;

(v) එම සංඛ්‍යාව, මේ වනවිට ලබා දී ඇති මුළු මත්පැන් බලපත්‍ර සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස කොපමණද;

(vi) එම ප්‍රතිශතය,  එක් එක් මත්පැන් බලපත්‍ර වර්ගය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මත්පැන් සුලභ වීම, මත්පැන් පරිභෝජනය ඉහළ යෑමට ප්‍රධාන හේතුවක් බවත්;

  (ii) එමඟින් මත්පැන් ආශ්‍රිත රෝග ඉහළ යාමෙන් සෞඛ්‍ය සඳහා වෙන් කළ යුතු මුදල ඉහළ යන බවත්;

එතුමා  පිළිගන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2024-04-09

අසන ලද්දේ

ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2023.01.01 දින වන විට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති මත්පැන් බලපත්‍ර සංඛ්‍යාව ගැනයි මේකෙන් අහන්නේ.

                        මත්පැන් බලපත්‍ර වර්ග 30කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. ඒ සියල්ලට අදාළව ගත්තොත්, 2023.01.01වන විට බලපත්‍ර 5,516ක් ලබා දී තිබෙනවා.

              (ii)      මත්පැන් බලපත්‍ර වර්ග 30ක් තිබෙනවා. මම හිතනවා, ඒ එකින් එක කියවන්න අවශ්‍ය නැහැ කියලා. අවශ්‍ය නම් එය කියවන්න මට පුළුවන්. බලපත්‍ර වර්ග ගැනයි මම කිව්වේ. ඒවා ඇමුණුම 01හි සඳහන් වෙනවා.

(iii) ඒ බලපත්‍ර වර්ග 30ට අදාළව ලබා දී ඇති බලපත්‍ර සංඛ්‍යාව ඇමුණුම 02හි වෙන් වෙන් වශයෙන් සඳහන් කර තිබෙනවා.

පිළිතුරු දුන් දිනය

2024-05-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රංජිත් සියඹලාපිටිය මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks