01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0612/2024: Ownership of statutory bodies owned by government in 1978

612/2024

ගරු ජයන්ත සමරවීර මහතා,— මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       1978 වර්ෂය වනවිට ශ්‍රී ලංකාවේ රජය සතුව පැවති රාජ්‍ය සංස්ථා, අධිකාරී, මණ්ඩල සහ වෙනත් නිෂ්පාදන හා සේවා ආයතන සංඛ්‍යාව කොපමණද;

             (ii)       එම එක් එක් ආයතනයේ නම සහ කරන ලද නිෂ්පාදනය/සපයන ලද සේවාව වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) ඉහත (i)හි සඳහන් ආයතන අතරින් මේ වනවිට ක්‍රියාත්මක වන ආයතන සංඛ්‍යව කොපමණද;

(iv) එම එක් එක් ආයතනයේ රජයේ හිමිකාරීත්වය ප්‍රතිශතාත්මකව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඉහත (අ)(i) සඳහන් නිෂ්පාදන/සේවා ආයතනයන්ගෙන් පෞද්ගලීකරණය කර ඇති ආයතන සංඛ්‍යාව කොපමණද;

(ii) එම එක් එක් ආයතනයේ නම, කරන ලද නිෂ්පාදනය/සපයන ලද සේවාව වෙන්  වෙන් වශයෙන් කවරේද;

(iii) ඉහත (අ)(i) සඳහන් ආයතන අතරින් මේ වනවිට බංකොලොත් වී ඇති ආයතන සංඛ්‍යාව කොපමණද;

(iv) ඒවායේ නම් කවරේද;  

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-03-07

අසන ලද්දේ

ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks