01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0611/2024: Foreign tours of Hon. President and outcomes of them

611/2024

ගරු ජයන්ත සමරවීර මහතා,—  අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       වත්මන් ගරු ජනාධිපතිතුමා, ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සහභාගී වී ඇති විදේශීය සංචාර කවරේද;

             (ii)       එම එක් එක් විදේශීය සංචාරයේදී හමු වූ විදේශීය රාජ්‍ය නායකයන් වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එම විදේශීය රාජ්‍ය නායකයන් සමඟ රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුම්වලට එළඹුණේද;

(iv) එසේ නම්, ගිවිසුම්වලට එළැඹි කාරණය එක් එක් ගිවිසුම අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(v) ඉහත සඳහන් එක් එක් විදේශීය සංචාරයේදී ජනාධිපතිතුමා සමඟ සහභාගි වූ සෙසු නියෝජිත පිරිස වෙන් වෙන් වශයෙන් කොපමණද;

(vi) එම එක් එක් විදේශීය සංචාරය සඳහා රජය විසින් වියදම් කරන ලද මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2024-03-20

අසන ලද්දේ

ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks