පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2024-06-19
අසන ලද්දේ
ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
වනජීවී හා වනසම්පත් සංරක්ෂණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්. මෙරටට පක්ෂීන් ආනයනය කිරීමට ලැබෙන එක් එක් ඉල්ලීම වෙන් වෙන් වශයෙන් සලකා බලා එකී ඉල්ලීම් අනුමත කිරීමට අදාළ නිර්ණායකයන්ට අනුව අනුමැතිය ලබා දිය හැකි ඉල්ලීම් සඳහා පමණක් වෙන් වෙන් වශයෙන් කොන්දේසි පනවමින් අවසර ලබා දීමට කටයුතු කරනු ලැබේ.
(ii) නිශ්චිත ලෙස රටවල් නම් කළ නොහැක. වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වනසත්ව හා වෘක්ෂලතා විශේෂවල ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ සම්මුතිය (CITES) මඟින් වෙළෙඳ සම්බාධක පනවා ඇති අවස්ථාවල එවැනි රටවල්වලින් කුරුල්ලන් ආනයනය කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනුමැතිය ලබා නොදේ.
(iii) වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන අනුමැතිය සඳහා කුරුළු උණ රෝගයට අදාළ නිර්ණායකයන් සැලකිල්ලට නොගන්නා නමුත් එම අනුමැතිය පදනම් කරගෙන සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිරෝධායන සහතික නිකුත් කිරීමේදී කුරුළු උණ රෝගයට අදාළ නිර්ණායකයන් සලකා බලනු ලැබේ.
(iv) • වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වනසත්ව හා වෘක්ෂලතා විශේෂවල ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ සම්මුතිය (CITES) මඟින් අනුමත කර ඇති කුරුල්ලන් සඳහා එම සම්මුතියේ නිර්ණායකයන් සලකා බලනු ලැබේ.
• මෙරටට පළමුවරට ආනයනය කිරීමට අපේක්ෂිත කුරුල්ලන් සම්බන්ධයෙන් වනසත්ව හා වෘක්ෂලතා ආඥාපනතේ දැක්වෙන ආයතනවලින්ද පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආක්‍රමණශීලී ආගන්තුක විශේෂ පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ කමිටුව වෙතින්ද නිරීක්ෂණය හා නිර්දේශ ලබා ගනු ලැබේ.
(v) • කුරුළු උණ මෙරට තුළ ව්‍යාප්ත වීම සම්බන්ධව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් දීපව්‍යාප්තව සිදු කරන සොයාබැලීම් සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සහයෝගය දක්වනු ලැබේ.
• ඊට අමතරව නිලධාරින් පුහුණු කිරීම, වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වනසත්ව හා වෘක්ෂලතා විශේෂවල ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ සම්මුතියට (CITES) අදාළව ආනයන/අපනයන බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව සිදු කරන ක්ෂේත්‍ර පරීක්ෂාවලදී අදාළ පරිශ්‍රයන්හි කුරුළු උණ පැතිරීමට ඇති වන තත්ත්වයන් නිර්මාණය වී ඇත්දැයි පරීක්ෂා කරනු ලැබේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-06-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks