පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
589/2024
ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2022.12.31 දිනට ශ්‍රී ලංකාවේ මුළු රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව එක් එක් අමාත්‍යාංශය/දෙපාර්තමේන්තුව අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) 2019.01.01 සිට 2019.12.31 දින දක්වා විශ්‍රාම ගන්වන ලද රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව කොපමණද;
(iii) වර්ෂ 2020 සිට 2022 දක්වා බඳවාගන්නා ලද සහ විශ්‍රාම ගන්වන ලද රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) 2023.01.01 දිනට මුළු රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මේ වනවිට රාජ්‍ය සේවයේ විශාල පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින බව දන්නේද;
(ii) එසේ නම්, එම පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;
(iii) පසුගිය කාලයේ ඇති වූ පුරප්පාඩු නොපිරවීම හේතුවෙන් රාජ්‍ය සේවයේ බිඳවැටීමක් සිදු වූ බව පිළිගන්නේද;
(iv) එම බිඳවැටීම වළක්වා ගනිමින් රාජ්‍ය සේවය කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා සකස් කර ඇති වැඩපිළිවෙළ කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-04-09
අසන ලද්දේ
ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
5 වැනි සභාවාරය
(අ) (i) 2022.12.31 දිනට ශ්‍රී ලංකාවේ මුළු රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව එක් එක් අමාත්‍යාංශ වශයෙන් අහලා තිබෙනවා.
ඒ පිළිබඳ දීර්ඝ ලැයිස්තුවක් තිබෙනවා. සමස්ත එකතුව 1,191,653යි. විස්තර ඇතුළත් දීර්ඝ ලැයිස්තුව මම සභාගත* කරනවා.
(ii) රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීම ඔවුන් සේවයේ යෙදී සිටින අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ආයතන විසින් සිදු කරනු ලබන බැවින් 2019.12.31 යන නිශ්චිත දිනය දක්වා විශ්‍රාම ගැන්වුණු සංඛ්‍යාව නිශ්චිතව දැක්වීමට ඒ ඒ දෙපාර්තමේන්තු මට්ටමෙන් තොරතුරු කැඳවනු ලැබේ. එය පසුව ලබා දීමට කටයුතු කරනු ලැබේ.
විශ්‍රාම ගැන්වීමෙන් පසුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත අයදුම්පත් ලැබී විශ්‍රාම වැටුප ගෙවීම ආරම්භ කරන ලද විශ්‍රාමිකයන් සංඛ්‍යාව පහත පරිදි වේ.
|
වර්ෂය |
විශ්‍රාම වැටුප් ගෙවීම ආරම්භ කරන ලද සංඛ්‍යාව |
||
|
|
සිවිල් |
හමුදා |
එකතුව |
|
2019.01.01 සිට 2019.12.31 දක්වා |
17,693 |
10,865 |
28,558 |
(iii) රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීම ඔවුන් සේවයේ යෙදී සිටින අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ආයතන විසින් සිදු කරනු ලබන බැවින් ඊට අදාළ තොරතුරු එම ආයතන වෙතින් ලබා ගැනීම සිදු කළ යුතුය.
කෙසේ වුවද, 2020, 2021 හා 2022 වර්ෂ තුළ විශ්‍රාම ගැන්වීමෙන් පසුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත අයදුම්පත් ලැබී විශ්‍රාම වැටුප් ගෙවීම ආරම්භ කරන ලද විශ්‍රාමිකයන් සංඛ්‍යාව පහත පරිදි වේ.
|
වර්ෂය |
විශ්‍රාම වැටුප් ගෙවීම ආරම්භ කරන ලද සංඛ්‍යාව |
||
|
|
සිවිල් |
හමුදා |
එකතුව |
|
2020 |
21,249 |
10,357 |
31,606 |
|
2021 |
19,513 |
9,635 |
29,148 |
|
2022 |
13,378 |
7,520 |
20,898 |
සටහන
|
වර්ෂය |
විශ්‍රාම වැටුප් ගෙවීම ආරම්භ කරන ලද සංඛ්‍යාව |
||
|
|
සිවිල් |
හමුදා |
එකතුව |
|
2023 |
15,816 |
2,151 |
17,967 |
(iv) 2023.12.31 දිනට මුළු රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව 1,141,188කි.
2023.06.30 දිනට මුළු රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව 1,191,653කි.
(ආ) (i) ඔව්.
(ii) 2023.12.31 දිනට පුරප්පාඩු 252,562කි. විස්තර පහත දක්වා ඇත.
|
ජාතික (ත්‍රිවිධ හමුදාව ද ඇතුළත්ව) |
අනුමත |
930,672 |
|
|
තත්‍ය |
745,430 |
|
|
පුරප්පාඩු |
185,242 |
|
|
|
|
|
පළාත් සභා |
අනුමත |
463,078 |
|
|
තත්‍ය |
395,758 |
|
|
පුරප්පාඩු |
67,320 |
|
|
|
|
|
මුළු රාජ්‍ය සේවය |
අනුමත |
1,393,750 |
|
|
තත්‍ය |
1,141,188 |
|
|
පුරප්පාඩු |
252,562 |
* ඉහත පුරප්පාඩු සංඛ්‍යාව තුළ බහුකාර්ය සංවර්ධන සහායක කාර්ය මණ්ඩලය ඇතුළත් නොවේ.
(iii) බිඳ වැටීමක් සිදු වී නොමැත. නමුත්, රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් අඛණ්ඩව සමාලෝචනය කරමින් ක්‍රියාමාර්ග ගත යුතු එකකි. ඒ අනුව කටයුතු කරමින් පවතී.
(iv) රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සඳහා අමප/ 22/1353/605/011 හා 2022 සැප්තැම්බර් 12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුතුව සයපුද්ගල කමිටුවක් පත් කර එම කමිටුව මඟින් ලබා ගන්නා නිර්දේශ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යොමු කිරීමෙන් අනතුරුව අත්‍යවශ්‍ය බඳවා ගැනීම් සිදු කිරීමට කටයුතු සිදු කර ඇත.
ගරු කථානායකතුමනි, ඒ කියන්නේ රජයේ සේවයට බඳවා ගැනීම ඒ ඒ ආයතනවලට අත්‍යවශ්‍යම නම් විතරක්, ගරු අග්‍රාමාත්‍යතුමාගේ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් තිබෙන කමිටුවට යොමු කරලා, ඒ කමිටු නිර්දේශය අනුව රාජ්‍ය සේවයේ අවශ්‍යතාව මත සේවකයන් බඳවා ගැනීමක් සිදු වෙනවා.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-05-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks